ඇත් මහා සටන සෙනසුරාදා වෙලගෙදර ක්‍රීඩාංගනයේ දී

 ඡායාරූපය:

ඇත් මහා සටන සෙනසුරාදා වෙලගෙදර ක්‍රීඩාංගනයේ දී

කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය සහ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය අතර පවත්වනු ලබන වාර්ෂික එක්දින මහා ක්‍රිකට් ගැටුම ඇත් මහා සටන සෙනසුරාදා (16) කුරුණෑගල වෙලගෙදර ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

2001 වර්ෂයේ ආරම්භ කළ මෙම මහා ක්‍රිකට් තරගයේ, මලියදේව ආදර්ශ විදුහල් කණ්ඩායමේ නායකත්වය දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ලහිරු දේශාන් විසින් දරන අතර ඉබ්බාගමුව මධ්‍ය විදුහල් කණ්ඩායමේ නායකත්වය දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන දිලංක ප්‍රේමරත්නට හිමිව ඇත. මෙවර පාසල් තරගාවලියේ දී කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලය සුවිශේෂී දස්කම් දැක් වූ කණ්ඩායමක් ලෙස ඉදිරියෙන් සිටින අතර ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය ද මෙම තරගවාරයේ දක්ෂතා දක්වා ඇති හෙයින් “ඇත් මහා සටන” දෙපිලටම තියුණු තරග අත්දැකීමකට මුහුණදීමට සිදුවන බව නොඅනුමානය.

[නිපුන් ප්‍රමුදිත වීරපුර]

මාතෘකා