ක්ලිෆර්ඩ් කුසලාන  රග්බි තරගාවලිය

 ඡායාරූපය:

ක්ලිෆර්ඩ් කුසලාන  රග්බි තරගාවලිය

සී.ආර්. සහ පොලිස් ආරම්භක ගැටුම අද

මෙවර ලීග් තරගාවලියේ සිව්වෙනි ස්ථානය සහ පස්වැනි ස්ථානය ලබාගත් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අද සවස 4.00ට කොළඹ තුරඟ තරග පිටයේදී ගැටීමෙන් මෙවර ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලිය ඇරඹේ.

පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙන තරගාවලියේදී සෑම තරගයක්ම තීරණාත්මක බැවින් තියුණු තරගාවලියක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රග්බි සංගමය ප්‍රකාශ කරයි.

ඉතාමත්ම තියුණු තරගාවලියකින් පසුව ලීග් ශූරයින්වූ මහනුවර කණ්ඩායම මෙවරද ක්ලිෆර්ඩ් කුසලාන මහනුවරට රැගෙන යාමට උත්සුක වන අතර එය පසුගිය වසරේ මෙන් පහසු නොවන්නේ ලීග් තරගාවලියේදී හැව්ලොක් සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම්වල දක්ෂතාද සසඳා බලන විටදීය. ලීග් තරගාවලියේදී මහනුවර සමග උරෙනුර ගැටුණු හැව්ලොක් කණ්ඩායම මෙන්ම ලීග් තරගාවලියේ පිට පිටම ජයග්‍රහණ 9ක් වාර්තා කළ සී.එච්. කණ්ඩායමද මෙවර ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගැනීමට ඉඩ ඇති ප්‍රබලම කණ්ඩායම්ය. පසුගිය වසරේ ලීග් තරගාවලියේ අනුශූරයින් මෙන්ම ක්ලිෆර්ඩ් කුසලාන අනුශූරයින්ද වූ නාවික හමුදා කණ්ඩායම මෙවර පසු බැස සිටියද අද ඇරඹෙන තරගාවලිය ඉතා තියුණු තරගාවලියක් වනු නොඅනුමානය.

තරග සටහන

මාර්තු 15 සිකුරාදා (අද)

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සහ පොලිස් - කොළඹ තුරඟ තරග පිටියේදී

මාර්තු 16 (සෙනසුරාදා)

මහනුවර සහ ගුවන් හමුදාව - පල්ලෙකැළේදී

සී.එච්. ඇන්ඩ් එෆ්.සී සහ යුද හමුදාව - කොළඹ තුරඟ තරග පිටියේදී

මාර්තු 17 (ඉරිදා)

හැව්ලොක් සහ නාවික හමුදාව - කොළඹ තුරඟ තරග පිටියේදී

[ඩබ්ලිව්.ආර්. කුමාර] ඡායා - පපරේ අනුග්‍රහයෙනි

මාතෘකා