ඈෂ්ලි දකුණු අප්‍රිකාවට

ඈෂ්ලි දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවීම සඳහා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ. පෙරේදා ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පැවසීය. මෙම සංචාරයේදී ක්‍රිකට් පුහුණුකරු, කළමනාකරු සහ කණ්ඩායමේ සාමාජිකයන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර පුහුණුකරු සමඟ ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ හමුවක් සූදානම් කිරීමද ඊට අයත් බව සඳහන්ය.

ක්‍රිකට් කළමනාකාරිත්වය සහ පුහුණුකරුවා අතර හමුවේදී කණ්ඩායමේ සංයුතියේ සිදුකළ යුතු වෙනස්කම් මෙන්ම ක්‍රීඩකයන් තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරනු ඇතැයි විශ්වාස කෙරේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම එක්ව තබාගත හැකි නායකයා කවරකුද යන්න සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට නියමිත අතර කණ්ඩායම තුළ සිදුවිය යුතු ක්ෂණික වෙනස්කම් සම්බන්ධයෙන්ද එහිදී සැලකිල්ලට ගනු ඇත. ඒ අනුව පස්වැනි එක්දින තරගය අතරතුර පුහුණුකරුවා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මෙම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ කණ්ඩායම ලබන පරාජයන් වෙනස් කිරීමට සාකච්ඡා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

මාතෘකා