ලෝක කුසලාන ඉතිහාසයේ දුර්වලම දකුණු අප්‍රිකානු කණ්ඩායම

 ඡායාරූපය:

ලෝක කුසලාන ඉතිහාසයේ දුර්වලම දකුණු අප්‍රිකානු කණ්ඩායම

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ දැක් වූ දුර්වලම දක්ෂතාව මෙවර තරගාවලිය තුලදී දකුවා ඇති බව ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමට අවස්ථාව ඇති පළමු කණ්ඩායම් 4 අතර සිටිමින් තරගාවලිය ආරම්භ කළ ඔවුන්ට තරගාවලියේ මෙතෙක් සහභාගී වූ 7 වැනි තරගය වන විට තරග 5ක පරාජයන් බුක්ති විඳීමට සිදුවී තිබේ. මේ වන විට දකුණු අප්‍රිකානුවන්ට ජය ගැනීමට හැකිවී ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ කෝඩුකාර කණ්්ඩායමක් වන ඇෆ්ගනිස්ථානය සමග තරගය පමණි.

තරගාවලිය ආරම්භයේදීම ඔවුන්ගේ ප්‍රබලම වේගපන්දු යවන්නා වූ ඩේල් ස්ටේන් මෙන්ම පළපුරුදු තුන්ඉරියවු ක්‍රීඩක ජේ. පී. ඩුමිනිද ආබාධයන්ට ලක්වීමෙන් කණ්ඩායමෙන් ඉවත්වූ අතර එයද ඔවුන්ගේ පසුබෑමට විශාල ලෙස හේතු වී තිබේ. තරගාවලිය ආරම්භ වීමට පෙර විශ්‍රාම ගිය හිටපු සුපිරි පිතිකරුවෙක් මෙන්ම ද. අප්‍රිකානු නායකයෙක්ද වූ ඒබී ඩි විලියර්ස් ගේ නික්මයෑමෙන් ඇතිවූ පුරප්පාඩුවද තවමත් පියැවී නොමැති බව ජාත්‍යන්තර විස්තර වචාරකයන්ගේ මතයයි.

මාතෘකා