රටම ඔබ සමඟයි

 ඡායාරූපය:

රටම ඔබ සමඟයි

පාකිස්තාන ක්‍රිකට් සභාපති කියයි

ක්‍රීඩා ලෝලීන්, විචාරකයන් සහ හිටපු ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම දක්වන දක්ෂතා විවේචනය කළද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහය නායක සර්ෆ්රාස් අහම්ඩ්ට හා කණ්ඩායමට ලබාදෙන බව සභාපති ඒෂාන් මානි පවසයි. දුරකථන ඇමැතුමක් ලබාදෙමින් සභාපතිවරයා පාකිස්තාන ක්‍රිකට් නායකයාට මේ බව ප්‍රකාශ කර ඇත.

‘සභාපතිවරයා සර්ෆ්රාස්ට පවසා තිබුණේ සමස්ත ජාතියම කණ්ඩායම සමඟ ඉන්නා බවයි. පාකිස්තාන ක්‍රිකට් ආයතනයත් කණ්ඩායම හා ඉන්න බව ඔහු පවසා තිබුණා. දැන් ඔවුන් ඉදිරියට සහභාගිවීමට නියමිත තරග සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි ඔහු ප්‍රකාශ කර තිබුණේ’ පාකිස්තාන කණ්ඩායමේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

‘ක්‍රීඩකයන් තමන්ගේ කාමර වලින් පිටවන්නට තහනම් කර ඇති කාලය නොසලකා හැරියා නම් ඒ ගැන වඩාත් සොයා බැලිය යුතුයි. මම හිතන්නේ නෑ මේ වාර්තා ඇත්තයි කියලා. නමුත් කණ්ඩායමේ කළමනාකාරිත්වය මෙතැනදී ලෝක කුසලානය වෙනුවෙන් සැලසුමක් සකස් කරගන්න අපොහොසත් වෙලා තිබෙනවා’ ලෝක කුසලාන දෙකක කළමනාකරුවකු වූ ඉන්ටිකාබ් අලාම් ප්‍රකාශ කර ඇත.

තේරීම් කමිටු සභාපති එංගලන්තයට යාම සහ තේරීම් සම්බන්ධයෙන් අතපෙවීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලිය යුතු බව අලාම් වැඩිදුරටත් පවසා තිබේ.

මාතෘකා