එ ක් දි න ත ර ග ය ක දී : වැඩිම හයේ පහරවල්

 ඡායාරූපය:

එ ක් දි න ත ර ග ය ක දී : වැඩිම හයේ පහරවල්

පසුගිය අඟහරුවාදා දිනය ලෝක ක්‍රිකට් ලෝලීන් තුළ අමතක නොවන දිනයක් බවට පත් කිරීමට එංගලන්ත එක්දින ක්‍රිකට් නායක ඉයොන් මෝගන් සමන් විය. ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තරගයේදී අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණ මිනිත්තු 77ක කාලයක් පමණක් කඩුල්ලේ රැඳී සිටි මෝගන් පන්දු 71 කින් සිය ඉනිම අවසන් කළේ ලකුණු 148ක් රැස් කිරීමෙන් පසුවය.

ඔහුගේ එම ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහරවල් 4ක් පමණි. ලකුණු 148ක ඉනිමකට හතරේ පහර 4ක් පමණක් ඇතුළත් වීම බොහෝවිට පුදුම සහගත දෙයකැයි හැඟෙනු ඇත. එහෙත් පන්දු 71කින් හතරේ පහර 4ක් එල්ල කර ලකුණු 148ක් රැස් කරන්නේ කෙසේද? එසේ වන්නේ එම ඉනිමට හයේ පහරවල් 17ක්ද ඇතුළත්වූ නිසාය.

එය මෝගන් පිහිට වූ නවතම එක්දින ලෝක වාර්තාවකි. එක් දින තරගයකදී පිතිකරුවෙක් එල්ල කළ වැඩිම හයේ පහර වාර්තාව එයයි. ලෝක කුසලාන තරගාවලියකදී එම වාර්තාව අලුත් කිරීම සුවිශේෂ දක්ෂතාවයකි.

මෙයට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කීමට පිතිකරුවන් තිදෙනෙක් සිටියහ. ඒ ඉන්දියාවේ රෝහිත් ෂර්මා, දකුණු අප්‍රිකානු හිටපු නායක ඒ.බී. ඩි විලියර්ස් සහ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ය. එ් හයේ පහර 16 බැගින් එල්ලකර මිනි.

මාතෘකා