ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයටත් වර්ෂාව හරස් වෙයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයටත් වර්ෂාව හරස් වෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කළේය. ඒ අනුව මෙවර තරග මාලාවේ ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිතව සිටි දෙවැනි තරගයද අතහැර දැමුණු අතර ප්‍රසාද ලකුණු සටහනේ කණ්ඩායම් ද්විත්වයටම එක ලකුණ බැගින් ලබාදීමට තරග සංවිධායකයෝ තීරණය කළහ.

ඊයේ කාලගුණ අංශ සඳහන් කළේ වර්ෂාව ඇදහැලීමේ වැඩි අවධානමක් පවතින බවයි. සියයට අනූවක් මේ ආකාරයෙන් වර්ෂාව ඇද හැලීමට නියමිත බව පැවසුණු අතර අද පැවැත්වෙන තරගයේදී එම වර්ෂාව සියයට 40ක් පමණ වෙතැයි අපේක්ෂා කෙරේ. ඉහතින් දැක්වෙන්නේ වර්ෂාව හේතුවෙන් ආවරණය කර ඇති ක්‍රීඩාංගණය සහ එහි තත්ත්වය විනිසුරුවන් පරීක්ෂා කරන ආකාරයයි.

මාතෘකා