කොදෙව් තරගයට පෙර බට්ලර් සුව අතට?

 ඡායාරූපය:

කොදෙව් තරගයට පෙර බට්ලර් සුව අතට?

එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන තරගයට පෙර සුව අතට පත්වනු ඇතැයි එංගලන්ත කණ්ඩායම් කළමනාකාරිත්වය පවසයි. විසි අට වියැති බට්ලර් පසුගියදා පැවැති තරගය අතරතුර උකුල ආශ්‍රිත ආබාධයකට ලක්වුණේය. ඔහු යළි අද දිනයේ එංගලන්ත කණ්ඩායම හා පුහුණුවීම් කටයුතු වලට සහභාගිවීමට නියමිතව ඇති අතර මෙම සතිය තුළ යළි පරීක්ෂණයකට ලක්කෙරෙනු ඇත.

බංග්ලාදේශය සමඟ පැවැති තරගයේදී බට්ලර් මෙලෙස ආබාධයකට ලක්වුණේ හයේ පහරක් එල්ල කිරීමට යාමේදීය. ඔහු එම තරගයේදී පන්දු 44ක් තුළ ලකුණු 64ක් රැස්කළේය. එම ආබාධිත තත්ත්වය කඩුලු අතර දිවීමේදී ඔහුට බලපෑම් කළ අතර පාකිස්තානය සමඟ ඊට පෙර පැවැති තරගයේදීද බට්ලර් ලකුණු 103ක් රැස්කළේය.

ඔබ ප්‍රමාද වැඩියි

ඩුප්ලෙසිස් ඩිවිලියර්ස්ට

ඒ.බී. ඩිවිලියර්ස් තම සමුගැනීම අවලංගු කරමින් යළි ලෝක කුසලානයට එක්වීමට කැමැත්ත පළකරනවිට කාලය ප්‍රමාදවී අවසන් බව දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස් පවසයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් වර්ෂාවෙන් සේදී යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු නායකයා මේ බව ප්‍රකාශ කළේය. ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර තමන්ට ඩිවිලියර්ස්ගෙන් දුරකථන ඇමැතුමක් ලැබුණු නමුත් ඒ වනවිට තෝරාගැනීමේ කාලය ඉකුත්වී තිබූ බවත් ප්ලෙසිස් පවසයි.

‘ඒක නිකං සංවාදයක් විතරයි. ලෝක කුසලානයට යන කණ්ඩායම නම් කිරීමට එක රැයකට ඉස්සරයි ඒ ඇමතුම ලැබුණේ. ඒ වෙලාවෙ මම කිව්වා ඔහු ප්‍රමාද බව. කොහොම වුණත් පසුවදා උදේ පුහුණුකරුවා සහ තේරම් කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන්න මම එකඟ වුණා. නමුත් මම ඔවුන් හා කතාකරන විට සියයට 99.99ක්ම කණ්ඩායම තෝරාගෙන අවසන්’ ප්ලෙසිස් ප්‍රකාශ කර තිබේ.

‘ඒ.බී. යි මමයි තවමත් යාළුවෝ. මේ සිද්ධියෙන් ඒක වෙනස් වෙන්න් නෑ. මේක තවත් එක් සුළු සිද්ධියක් පමණයි. අපේ මිත්‍රකම ඊට වඩා ගැඹුරට විහිදෙනවා’ ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

 

මාතෘකා

ජනප්‍රිය ලිපි