ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් මෙල්බර්න් මහා සාගර මාර්ග තරගයෙන්...

 ඡායාරූපය:

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් මෙල්බර්න් මහා සාගර මාර්ග තරගයෙන්...

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ශ්‍රීලංකන් ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ සිය සන්නාමය අඛණ්ඩව ස්ථාපිත කරමින් මහා සාගර මාර්ග ධාවන උළෙල 2019 සඳහා ( Great Ocean Road Running Festival) නිල ගුවන් සේවා දායකත්වය ලබාදුන් අතර එහි කිලෝ මීටර් 6 තරග ඉසව්වේදී ටොම් සෙල්වුඩ් විසින් ජයග්‍රහණය හිමිකරගනු ලැබීය. මෙම මැරතන් ධාවන තරගය සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම අනුග්‍රාහකත්වය ලබාදී තිබිණි.

ඕස්ට්‍රේලියානුවන්ගේ වඩාත් ජනප්‍රිය ධාවන උළෙල ලෙසින් සැලකෙන GORRFමේ වසරේ දී ඉතිහාසයේ වැඩිම සහභාගීත්වය ලබා ගනිමින් ධාවකයින් 8200 ක් මෙම තරග ඉසව්වට ආකර්ෂණය කර ගැනීමට සමත්වී තිබිණි.

ගුවන් සේවයේ නාමය සහිත කිලෝමීටර 6 ක ධාවන තරග සඳහා මෙවර ධාවකයින් 1000 ක් පමණ සහභාගි වූහ. එම ශ්‍රීලංකන් එයාර්ලයින්ස් කිලෝ මීටර් 6 ධාවන තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය ටොම් සෙල්වුඩ් මිනිත්තු 19:17 ක වාර්තා ගත කාලයක් සටහන් කරමින් ජයගනිද්දී එහි පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන මේසන් ස්කොට් සහ කැලම්ඩේට හිමිවිය. ඔවුන් එම තරග ඉසව්ව නිමකළේ මිනිත්තු 19:33 හා 19:52 අතර කාලයන් ගෙනි. කාන්තා කිලෝ මීටර් 6 මැරතන් ඉසව්ව රේචල් වෝටර්ස් ජයගත්තේ එය මිනිත්තු 23:00 අවසන් කරමිණි. ජොඈන් පෝල් සහ කැරොලයින් ක්ලෙරි පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගත් අතර ඔවුන් වාර්තා කළ කාලය මිනිත්තු 26:43 සහ 26:50 විය.

කිලෝමීටර 44 ක දුරින් යුත් Great Ocean Road මැරතන් ධාවන තරගය 2:27:37 ක කාලයකින් අවසන් කළ නික් අර්ල් විසින් ජයගනිද්දී එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන ඩියොන් ෆිනොචියාරෝ 2:37:43 සහ බේඩන් වෙස්ටර්වේලර් 2:44:45 දිනාගනු ලැබිණි.

කාන්තා මැරතන් තරගයේ ජයග්‍රාහිකාව ලෙස රිහාන්නාන් ස්නයිප් තේරීපත් වූ අතර ඇය 3:04:36 කාලයක් වාර්තා කළාය. ජස්මින් ගෝ 03:16:05 ක කාලයක් සහ සෝයි ඇඩම්ස් 03:19:22 කාලයක් වාර්තා කරමින් පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනාගත්හ.

මාතෘකා