මෝර්ගන් සහ රෂීඩ් යුරෝ පන්දුවාර විස්සට

 ඡායාරූපය:

මෝර්ගන් සහ රෂීඩ් යුරෝ පන්දුවාර විස්සට

ලෝක කුසලානය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මෝගර්න් ඩබ්ලින් කණ්ඩායමට එක්ව ඇත. එම කණ්ඩායමේ නායකයා වශයෙන් එක්වී ඇති ඔහු සමඟ පාකිස්තාන ක්‍රීඩක බාබර් අෂාම්ද ක්‍රීඩා කිරීමට යෝජිතය.

ඇමර්ස්ටර්ඩෑම් නයිට්ස් කණ්ඩායමට ෂේන් වොට්සන් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඉම්රාන් තහීර්ද එම කණ්ඩායමට එක්ව සිටී. බෙල්ෆාස්ට් ටයිටෑන්ස් කණ්ඩායමට සහීඩ් ඇෆ්රිඩි සහ ජේ.පී.ඩුමිනි ක්‍රීඩා කරති.

එඩින්බර්ග් රොක්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතර මාටින් ගප්ටිල් සහ ක්‍රිස් ලින් ඇතුළත්ව සිටිති. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නව නායකයා වන රෂීඩ් ඛාන් රොටර්ඩෑම් රයිනෝස් කණ්ඩායමට ඇතුළත්ව ඇත. ග්ලාස්ගෝ ජයන්ට්ස් කණ්ඩායමට බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රීඩා කරන අතර ඩේල් ස්ටේන්ද එම කණ්ඩායමට අයත්ය.

මෙම තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ එඩින්බර්ග්, ඇමර්ස්ටර්ඩෑම් සහ ඩබ්ලින් නගර කේන්ද්‍ර කරගනිමිනි.

මාතෘකා