සටනක්දී ශ්‍රී ලංකාව පරදී

සටනක්දී ශ්‍රී ලංකාව පරදී

 

ශ්‍රී ලංකා නැගී එන පිලේ දකුණු අප්‍රිකා සංචාරය 

සටනක් ලබාදුන් නමුත් ඉලක්කය සාධනය කරගැනීමට අපොහොසත්වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සමඟ පැවැති සිව් දින තරගයෙන් ලකුණු 29කින් පරාජය ලැබීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට සිදුවිය. පසුපෙළ පිතිකරු මොහොමඩ් ශිරාෂ් ශ්‍රී ලංකා නැගී එන පිල ජයග්‍රහණය කරා රැගෙනයාමට උත්සහ කළද ඔහු ලකුණු 49කට දැවීයාමත් සමඟින් තරගයේ ජය දකුණු අප්‍රිකාව වෙත සමීප විණි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 328ක් පමණි. පළමු ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලකුණු 241කට දැවී ගියේය. දකුණු අප්‍රිකාන නැගී එන පිලේ දෙවැනි ඉනිම ලකුණු 189කට සීමා කරමින් ලසිත් ඇඹුල්දෙණිය තරගය ජයගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා නැගී එන පිල වෙතට හරවා ලීමට සමත්වූයේ කඩුලු පහක් දවාලමිනි.

ලකුණු සාරාංශය

දකුණු අප්‍රිකා නැගී එන පිල පළමු ඉනිම 382 (මැතිව් බ්‍රීට්ස්ක් 114, ජනීමන් මාලන් 75, රයන්ඩර් වැන් ටොන්ඩර් 69, ලසිත් ඇඹුල්දෙණිය 3/116) ශ්‍රී ලංකා නැගී එන පිල පළමු ඉනිම 241 (චරිත් අසලංක 56, නිශාන් පීරිස් (නොදැවී) 52, හසිත බෝයගොඩ 40, කයිල් සිමොන්ඩ්ස් 4/88, නැන්ඩ්‍රි බර්ගර් 3/58) දකුණු අප්‍රිකානු නැගී එන පිල දෙවැනි ඉනිම 189 (කයිල් සිමොන්ඩ්ස් 50, මාර්කෝ ජාන්සෙන් 49, සිනෙතෙම්බා ක්විස්හයිල් 31, ලසිත් ඇඹුල්දෙණිය 5/74, අසිත ප්‍රනාන්දු 3/47) ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 302(මිනෝද් භානුක 89, මොහොමඩ් ශිරාෂ් 49, පැතුම් නිස්සංක 47, නැන්ඩ්‍රි බර්ගර් 3/38, ට්ලැඩ් බොකාකෝ 3/70)

මාතෘකා