14 වැනි බටහිර ආසියානු බේස්බෝල්

 ඡායාරූපය:

14 වැනි බටහිර ආසියානු බේස්බෝල්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් සටනට

ඉරාන කණ්ඩායම ලකුණු

10-2ක් ලෙස පරාජය කරමින් හෝමාගම දියගම ජපන් මිත්‍රත්ව ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා බේස්බෝල කණ්ඩායම සමත් විය.

ඊයේ උදෑසන 9.00 ට ආරම්භ වූ තරගයේ ඉනිම් 9ක් පමණක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායට ජය හිමිවූ අතර සවස පැවැති ඉන්දියාව සහ පාකිස්තානය අතර දෙවැනි අවසන් පූර්ව තරගයෙන් පාකිස්තානය ජය වාර්තා කළේ ලකුණු 13-2ක් ලෙසිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් තරගය හෙට (20) පැවැත්වෙනු ඇත.

මාතෘකා