ලෝකයේ 15වැනියා තෝරන්න

 ඡායාරූපය:

ලෝකයේ 15වැනියා තෝරන්න

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අද යළි හමුවෙති

ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) යළි සිංගප්පූරු කණ්ඩායම හමුවීමට නියමිතව තිබේ. එම් ඇන්ඩ් එස් අරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ එරට වේලාවෙන් පෙරවරු නවයට ආරම්භවන මෙම තරගයේදී ලෝකයේ 15 වැනි ස්ථානය දිනාගන්නා දැල්පන්දු කණ්ඩායම කුමක්ද යන්න තීරණය කිරීමට නියමිතය.

මෙවර ලෝක ශූරතා තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගිවූ මුලික වටයේ තරග තුනම පරාජය ලැබීය. එහිදී සිම්බාබ්වේ, උතුරු අයර්ලන්තය සහ ලෝක ශූර ඔස්ට්‍රේලියාව සමඟ තරග පැවැත්විණි. ඉන් අනතුරුව 13 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා ජයග්‍රාහකයන් තීරණය කරන තරගාවලිය පැවැත්වුණු අතර එහිදීද සැමෝවා සහ ෆීජි රාජ්‍යයන් සමඟින් පැවැත්වූ තරගවලදී ශ්‍රී ලංකාවට හිමිවූයේ පරාජයයි. තරගාවලියේ මෙතෙක් පැවැති එක් තරගයක් පමණක් ජයගත් ශ්‍රී ලංකා පිල එහිදී පරාජය කළේ ආසියාවේ අනුශූරියන් වන සිංගප්පූරු කණ්ඩායමයි. ඒ අනුව තරගාවලියේ 15 වැනි 16 වැනි ස්ථානය එනම් අවසන් ස්ථානයට පත්වන කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව එකිනෙකා මුණගැසීමට නියමිතය.

මාතෘකා