පොදු රාජ්‍ය මණ්ඩලයීය මේස පන්දු තරගාවලිය

පොදු රාජ්‍ය මණ්ඩලයීය මේස පන්දු තරගාවලිය

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සහ සයිප්‍රසය පරදවයි

පැය පහක පමණ කෙටි නින්දකින් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලයීය මේස පන්දු තරගාවලියේ මූලික තරගවලට සහභාගිවූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා මේස පන්දු කණ්ඩායම් පිළිවෙලින් සයිප්‍රසය සහ දකුණු අප්‍රිකාව පරාජය කළේය.

මූලික වටයේදී ඔවුන් ඉන්දියාව සහ එංගලන්තය සමඟ සහභාගිවූ තරගවලින් පරාජය අත්පත් කරගත්තේය. ඉන්දියාවේ ඔඩ්ස්සාහි පැවැත්වෙන මෙම තරගාවලියේ කාන්තා කණ්ඩායම පළමු තරගය වශයෙන් ප්‍රබල ඉන්දියාව හා තරග වැදුණේය. එහිදී වට 3-0කින් පරාජය ලැබීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. බිමන්දි බණ්ඩාර වට තුනේදීම රැස්කළේ පිළිවෙලින් ලකුණු 5, 4ක් සහ 5ක් පමණි. ඉෂාර මධුරංගි ලකුණු 5,5ක් හා 10ක් රැස්කළ අතර චමත්සරා ප්‍රනාන්දු එක් තරග වටයක් ජයගනිමින් 3,5, 11ක් හා 4ක් රැස්කළාය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා මේස පන්දු කණ්ඩායම අතර පැවැති තරගයේදී 3-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය. ඉෂාර මධුරංගි 11-08, 15-13ක් හා 11-09ක් ලෙසින් තරගය ජයගත් අතර බිමන්දි බණ්ඩාර 13-11, 09-11, 11-02, 11-06ක් ලෙසින් තරග වට 3-1ක් ලෙසින් ජයගනිද්දී චමත්සරා ප්‍රනාන්දු එම තරගය ජයගත්තේ 11-09, 12-10ක් සහ 11-08ක් ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අටවැනි වටයට සුදුසුකම් ලැබීය.

පිරිමි පළමු වටය යටතේ එංගලන්තය හා පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 3-0ක් ලෙසින් පරාජය විය. එහිදී රොහාන් සිරිසේන ලකුණු 5, 9ක් හා 3ක් රැස්කළ අතර ක්‍රිශාන් වික්‍රමරත්න 9,7ක් හා 6ක් ද බී.එන්.බී. ජයසිංහ 2,8 හා 6ක්ද වශයෙන් දක්ෂතා දක්වනු ලැබිණි. ඉන් අනතුරුව සයිප්‍රසය සමඟ පැවැති තරගය වට 3-2ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණේය.

එහිදී රොහාන් සිරිසේන 9-11, 12-10, 11-8, 13-15ක් හා 11-5ක් ලෙස ජයගනිද්දී ක්‍රිශාන් වික්‍රමරත්න 9-11, 11-4, 2-11, 9-11 පරාජය ලබා යළි යිනොගු යිනොගොස් සමඟ තරගය 14-16, 11-7, 11-8ක් හා 11-6ක් ලෙස ජයගත්තේය. නිර්මාල් ජයසිංහ 11-7, 17-15, 4-11, 11-7ක් ලෙස තරගය ජයගත් අතර රොහාන් සිරිසේන සහ යිනොගො මොරිස් අතර පැවැති තරගය 11-13, 3-11ක් හා 5-11ක් ලෙස පරාජය ලැබීය.

ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි අට වටයේ තරග වලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා පිල ඒ කාණ්ඩය යටතේ සිංගප්පූරුව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමඟ තරග වැදීමට සුදුසුකම් ලබා ඇත්තේ 'ඒ' කාණ්ඩයෙනි.

පිරිමි කණ්ඩායම 'බී' කාණ්ඩය යටතට ඇතුළත්ව ඇත්තේ ඉන්දියාව, මැලේසියාව සහ වේල්සය සමඟය. එම තරගද ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණේය.

මාතෘකා