පවුම් මිලියන 2.35ක් සමග විම්බල්ඩන් කිරුළ ජොකොවික්ට සහ සිමෝනාට

පවුම් මිලියන 2.35ක් සමග විම්බල්ඩන් කිරුළ ජොකොවික්ට සහ සිමෝනාට

ටෙනිස් ක්‍රීඩකයන්ගේ සිහින පාරාදීසය වන විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ මෙවර ශූරතාවය ස්ටර්ලිං පවුම් මිලියන 2.35 (රුපියල් මිලියන 517) ක්ද සමග හිමිකර ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවික් සමත්විය. ජොකොවික් විම්බල්ඩන් ශූරතාව දිනාගත් පස්වැනි අවස්ථාව මෙයයි.

133 වැනි වරට ලන්ඩන්හි විම්බල්ඩන් පිටියේ පැවැති අවසන් තරගයේදී ජොකොවික් අතින් පරාජය වූයේ ඉතිහාසයේ වැඩිම වාර ගණනක් වූ අට වතාවක් විම්බල්ඩන් ශූරයා වූ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ය. අවසන් තරගයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 7-6, 1-6, 7-6, 4-6 සහ 13-12ක් ලෙසිනි. විම්බල්ඩන් ඉතිහාසයේ වැඩිම වේලාවක් ගතවූ තරගය ලෙසද මෙවර ජොකොවික් - ෆෙඩරර් තරගය ඉතිහාසයට එක්වේ. තරගය සඳහා ගතවූ කාලය පැය 4 මිනිත්තු 57කි.

කාන්තා ශූරිය වූ සිමෝනා හෙලෙප්ටද ස්ටර්ලිං පවුම් මිලියන 2.35ක මුදලක් හිමිවූ අතර අවසන් තරගයේදී ඇය විසින් තරගවට 2-0ක් ලෙස පරාජය කරන ලද්දේ හයවරක් විම්බල්ඩන් කාන්තා ශූරිය වු අමෙරිකාවේ සෙරිනා විලයම්ස්ය. ලකුණු තත්ත්වය දැක්වුණේ 6-2ක් සහ 6-2ක් ලෙසිනි.

මාතෘකා