ලෝක කුසලානයේ ජයග්‍රාහකයෙක් නැත්නම් එය සම ශූරතාවක් විය යුතුයි

 ඡායාරූපය:

ලෝක කුසලානයේ ජයග්‍රාහකයෙක් නැත්නම් එය සම ශූරතාවක් විය යුතුයි

ඩේව් වට්මෝර්

 

ලෝක කුසලානය ජයග්‍රහණයට කිසිදු කණ්ඩායමක් සමත් නොවන්නේ නම් එය සම ශූරතාවක් වශයෙන් සලකා බෙදීයායුතු බව ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරු ‍ෙඩ්ව් වට්මෝර් පවසයි.

පසුගියදා අවසන් වුණු 2019 ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ ලකුණු සමවීමත් සමඟ සිදුකළ යුතුව තිබුණේ ශූරතාව එංගලන්තය සහ නවසීලන්තය අතර බෙදාදීම පමණක් බව ඔහු පෙන්වා දෙයි.

‘ජයග්‍රාහකයෙක් නැත්නම් සිදුකළ යුත්තේ ශූරතාව සමව බෙදා දීමයි. ඒක කණ්ඩායම් දෙකටම කරන සාධාරණයක්. එය තමයි ලබාදිය හැකි හොඳම විසඳුම වෙන්නෙ’ ඩේව් වට්මෝර්ගේ අදහසය.

තවදුරටත් අදහස් දක්වන ඔහු, ‘ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කළ යුතුයි. මේවගේ සිදුවීමක් වුණහම එය ඉතා හොඳින් කළමනාකරණය කරන්න වෙනවා. සමහරවිට යළි තරගයක් පවත්වන්න පුළුවන්. මේ තරගාවලියට එන්න ඉස්සෙල්ලා ඒ තත්ත්වය ගැන අවබෝධයක් කණ්ඩායම්වලට තිබුණද නැද්ද කියලා මම දන්නෙ නෑ?’ යැයි පවසයි.

තරගයේදී තීරණාත්මක බලපෑමක් හා විනිසුරු කුමාර් ධර්මසේන ලබාදුන් තීරණය සම්බන්ධයෙන්ද ඩේව් එහිදී අදහස් දක්වා තිබුණේ මෙසේය.

‘එම සිද්ධිය වෙන මොහොත වනවිට කීදෙනෙක් ඒ නීතිය ගැන දැන සිටියාද කියලා දන්නෙ නෑ? හැබැයි විනිසුරුවෝ කියන්නෙත් මිනිස්සුන්ටමයි. ඇත්තටම එය අවසානාවන්ත සිදුවීමක්. කොහොම හරි එය සිදුවුණා. නමුත් ලකුණු සමවීම් දෙකක් සිදුව තිබියදී එතන ජයග්‍රාහකයෙක් නැහැ. අනෙක මීට ඉස්සර හතරේ පහර සංඛ්‍යාවෙන් ජයග්‍රාහකයෝ තෝරනාව මම අහලා තිබුණේ නෑ. ලකුණු වේගයෙනුයි එය කළේ. මේවගේ දේවල් සිද්ධ වෙන්නේ මිලියනයකට වාරයක් වගෙයි.’ යැයි පවසා ඇත.

මාතෘකා