බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය

 ඡායාරූපය:

බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය

නායකයා ලෙස මොර්ටාසාම එයි
 

මාස දොළහකට පසු අනමුල් හක් බංග්ලාදේශ කණ්ඩායමට

 

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී තවදුරටත් මෂ්රෆ් මොර්ටාසා කෙරේ විශ්වාසය තැබීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් සහ ලිටන් දාස්ට විවේකයක් ලබාදීමට තීරණය කර ඇති හෙයින් මෙම සංචාරයෙන් ඔවුන් ඉවත්ව ඇත.

ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි නමුත් එකදු තරගයකටවත් ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක අබු ජායෙඩ්ද ශ්‍රී ලංකා සංචාරයට නම්කර නැතැයි සඳහන්ය. ඒ අනුව ටයිජුල් ඉස්ලාම් කණ්ඩායමට කැඳවා ඇති අතර ඔහු වමතින් දඟ පන්දුයවන ක්‍රීඩකයෙකි. අනමුල් හක් ලිටන් දාස්ගේ පුරප්පාඩුව වෙනුවෙන් කණ්ඩායමට එක්කර තිබේ. ‘අනමුල් දේශීය තරගවලදී හොඳින් දක්ෂතා දැක්වුවා. දීර්ඝ තරගවලදිත් එක්දින තරගවලදිත් ඔහු දක්ෂතා දක්වලා තිබෙනවා. මේ කාලයේ අපිට ඇෆ්ගනිස්ථාන 'ඒ' කණ්ඩායම සමඟ එක්දින තරග පහකට සහභාගිවෙන්න තිබෙනවා. ඒ වගේම අපේ සභාපතිගේ පිල ඉන්දියාවේ සිව්දින තරගයකට ක්‍රීඩා කරන්න නියමිතයි. ඒ අතරේ අපි ක්‍රීඩකයන් 14 දෙනෙකුගේ සංචිතයක් නම් කරලා තිබෙන්නේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කරගෙනයි. එතැන අපිට එක්දින තරග තුනක් ක්‍රීඩා කරන්න තිබෙනවා’ බංග්ලාදේශ තේරීම් කමිටුව පවසා ඇත.

ජූලි 26, 28 සහ 31 යන දිනයන්හිදී බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග තුනට තරග වැදීමට නියමිතය.

සංචාරයට නම්කර ඇති සංචිතය මෙසේයි.

මෂ්රෆි මොර්ටාා (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකර් රහීම්, මහමදුල්ලා රියාද්, මොහොමඩ් මිථුන්, මොසාදික් හොසේන්, ෂබීර් රහමන්, රුබෙල් හොසේන්, මුෂ්ටෆිසුර් රහ්මන්, අනමුල් හක්, මෙහෙදි හසන්, මොහොමඩ් සයිෆුදීන් සහ ටයිජුල් ඉස්ලාම්

 

 

මාතෘකා