ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය

 ඡායාරූපය:

ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය

 

ශ්‍රී ලංකා කණ්ඩායම අද ඔස්ට්‍රේලියාව හමුවෙයි

 

 

තෙවැනි වරටත් වියට්නාමයේ හැනොයි නුවර සංවිධානය කර තිබෙන ආසියානු කාන්තා අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතා තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද ඔස්ට්‍රේලියාව හමුවීමට නියමිතය.

මීට පෙර එම තරගාවලියේ මූලික වටය යටතේ ඔවුන් සහභාගිවූ තරග ත්‍රිත්වයෙන්ම පරාජය ලැබීම හේතුවෙන් ශූරතා කුසලාන තරගාවලියෙන් ඉවත්විණි. ඒ අනුව තරගාවලියේ පරාජිත කණ්ඩායම් අතර පැවැත්වෙන තරග සඳහා සහභාගිවීමට ඔවුනට සිදුව තිබේ. ‘එච්’ කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරග සඳහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, මැකාවෝ සහ ශ්‍රී ලංකාව තරග වැද සිටිති.

 

පසුගිය 13 වැනිදා ආරම්භවූ මෙම තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා පිල හොංකොං කණ්ඩායම සමඟින් තරග වැදුුණු අතර එය තරගවට 3-0ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජය විය.

දෙවැනි තරගය මැකාවෝ රාජ්‍ය සමඟ පැවැත්වුණේ පසුගිය 14 වැනිදාය.එය තරගවට 3-1ක් ලෙසින් ශ්‍රී ලංකා පිලට හිමිවූයේ පරාජයයි. පළමු වටය 20-25ක් ලෙස මැකාවෝ අභිබවායෑමට ශ්‍රී ලංකා පිල සමත්වුවත් වට හතරක් කරා තරගය රැගෙන යමින් මැකාවෝ පිල ජය සටහන් කළේය.

ජූලි 15 වැනිදා පැවැති තරගයකදී කසකස්ථාන කණ්ඩායම හමුවේ 3-0ක් ලෙසින් පරාජය ලැබීමට ශ්‍රී ලංකා පිලට සිදුවිණි. මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඩී කාණ්ඩය යටතේ තරග වැදිනි.

මාතෘකා