එංගලන්ත ක්‍රීඩකයන් අගයන්න බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සේවාවත් පෙරට

 ඡායාරූපය:

එංගලන්ත ක්‍රීඩකයන් අගයන්න බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සේවාවත් පෙරට

 

එංගලන්තය ලෝක කුසලානයේ ලැබූ ජයග්‍රහණය මෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූරතාවට හිමිකම් කීම අගයමින් සැමරුම් මුද්දර පෙළක් නිකුත් කරන බව එරට රාජකීය තැපැල් සේවාව නිවේදනය කරයි. ඊට සමගාමීව එංගලන්තය තුළ ඇති තැපැල් පෙට්ටි 15ක් සුදු පැහැයෙන් වර්ණ ගන්වා රන් පැහැ ක්‍රිකට් පිත්තකින් අලංකාර කිරීමට කටයුතු කරන බවද සඳහන්ය. අදාළ වර්ණ ගැන්වීමේ කටයුතු සහ රන් ආලේපිත පිත්ත සහ පන්දුව ස්ථාපනයේ කිරීම මාස තුනක කාලයක් ඇතුළත සිදුකරන බව රාජකීය තැපැල් සේවාව උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

2012 වසරේ පැවැති ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලියන්හිදී රන් පදක්කම් දිනූ එංගලන්ත ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සමරනු වස් රාජකීය තැපැල් සේවාව විසින් මේ ආකාරයෙන්ම තම රතු පැහැ තැපැල් පෙට්ටි කීපයක් රන් පැහැයෙන් වර්ණ ගැන්වීමට කටයුතු කර තිබුණේ ඔවුන් දිනූ රන් පදක්කම් සඳහා ගෞරවය පුද කරනු පිණිසය.

මාතෘකා