ඩී.එස්. සේනානයක විදුහල සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට

 ඡායාරූපය:

ඩී.එස්. සේනානයක විදුහල සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට

 

අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කරන කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය තරග 3ක් ජය ගනිමින් තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීය. ඒ අනුව තරගාවලියේ ‘බී’ කොටසේ තරග වැදුණු ඩී.එස්. සේනානායක විද්‍යාලය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය පරදා ජය ලැබීය. ජයග්‍රාහී ඩී.එස්. සේනානායක කණ්ඩායම ඡායාරූපයේ දැක්වේ.

ඉදිරි පෙළ වමේ සිට - අමිත දාබරේ, ප්‍රමුදිත පෙරේරා (උපනායක), ලූක් පෙරේරා, සෙනුර සිල්වා, සේමාල් වීරරත්න, විශ්ව ශිවංක, පසිඳු දෙණිපිටිය, මනීන්ද්‍ර ජයතිලක (නායක), තමිඳු වත්තේගෙදර.

පසුපෙළ වමේ සිට - අභිෂේක් ලියනආරච්චි, දිනුර මිනිපුර, බුසිත පෙරේරා, බිනුර ලොකුපිටිය, නිමන්ත පීරිස් (පුහුණුකරු), නිශාන්ත හේනානායක (ප්‍රධාන පුහුණුකරු), තරිඳු ජයමාන්න (සහාය පුහුණුකරු), සෙනිරු දිසානායක, ලෙෂාන් කේනුල, තිවිරු ගුණවර්ධන, විනුක ද සිල්වා, ටොරින් පිටිගල (සහාය පුහුණුකරු)

මාතෘකා