ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය

 ඡායාරූපය:

ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය

සාන්ත ජෝසප් පරදා ඉසිපතනය අවසන් පූර්ව වටයට

මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය පරාජයට පත් කරමින් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක් ජය ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් වුණි. ඒ මෙම තරගාවලියේ පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයයි.

කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමු අර්ධයේදී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු ලබා ගැනීමට ආරම්භ කළේ ඉසිපන විදුහලට හොඳ අභියෝගයක් ඒල්ල කරමිනි.

ඒම අභියෝගයට සාර්ථකව මුහුණදුන් ඉසිපතන විද්‍යාල කණ්ඩායම උත්සාහක දිනුම් දෙකක් ගෝල් දිනුම් දෙකක් බවට ප්‍රවර්ථනය කිරීම මගින් තම ලකුණු ලබා ගැනීම සිදු කළ අතර පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14 - 10ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට සමත් විය.

තරගයේ දෙවැනි අර්ධයේදීද ඉසිපතනයන් සිය ආක්‍රමණය වැඩි කර ලකුණු ලබා ගැනීමට උත්සාහ කළත් සාන්ත ජෝසප් ක්‍රීඩයන්ගේ ප්‍රබල ආරක්ෂක පවුර බිඳ හෙළීම අසීරු විය. ඒ අතර ජෝසප්වරුන් ඒක් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ඒහි ප්‍රවර්ථනයද සාර්ථක කරගැනීමට සමත්වූ හෙයින් ඔවුන් ලකුණු 17-14ක් ලෙස ඉදිරියට පැමිනීමට සමත් වූහ. ඉන්පසුව ක්‍රියාත්මක වූ ඉසිපතන ක්‍රීඩකයෝ උත්සාහකදිනුමක් වාර්තා කරමින් ලකුණු 19-17ක් ලෙස තරගය ජය ගත්තේය.

මාතෘකා