අවසන් තරගය ගිලිහුණු ඉන්දීය ක්‍රීඩකයෝ හිස හැරුණු අත යති

 ඡායාරූපය:

අවසන් තරගය ගිලිහුණු ඉන්දීය ක්‍රීඩකයෝ හිස හැරුණු අත යති

ලෝක කුසලාන සිහිනිය අවසන් වීමෙන් අනතුරුව ඊළඟ තරගාවලියට තවත් සති දෙකක කාලයක් පවතින හෙයින් ඉන්දීය ක්‍රීඩකයන් රට රටවල් වෙත ගමන් ගැනීම කටයුතු කරමින් ඇතිබව එම කණ්ඩායම් ආරංචි මාර්ග නිවේදනය කරයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියකට හා එක්දින තරගාවලියකට සහභාගිවීමට ඉන්දීය කණ්ඩායම නියමිතව ඇත්තෙ අගෝස්තු 3 වැනිදාය. ‘කණ්ඩායමේ ක්‍රීඩකයන් කීපදෙනා නික්මයාම ආරම්භ කරලා තිබෙනවා. ඔවුන් කැමති කැමති ප්‍රදේශවලට යන්න තීරණය කරලා තියෙනවා’ කණ්ඩායමේ සැලසුම් කටයුතු භාර කළමනාකරුවා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

මේ අනුව ක්‍රීඩකයන් කීපදෙනෙකු යළි සිය රට පැමිණීමට නියමිතව ඇති අතර එලෙස පැමිණෙන පිරිස අතරට මහේන්ද්‍ර සිං දෝනිද ඇතුළත්ය. ඒ අනුව ඔහු තමාගේ උපන් නගරයවන රැන්චි වෙත පැමිණෙනු ඇත. මේ අතර පසුගිය බදාදා අවසන් වූ තරගයෙන් අනතුරුව දෝනි ගන්නා අනාගත තීරණ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති බව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි පවසා තිබේ. දෝනි සිය රට පැමිණීමෙන් අනතුරුව එය නිවේදනය කරනු ඇතැයි වැඩිදුරටත් සඳහන්ය.

මාතෘකා