නැඟී එන පිලේ දකුණු අප්‍රිකා සංචාරය 

 ඡායාරූපය:

නැඟී එන පිලේ දකුණු අප්‍රිකා සංචාරය 

පැතුම් නිස්සංකගේ ශතකයෙන් ශ්‍රී ලංකා නැගී එන පිලට ජය

තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහ සිව් දින තරග දෙකක තරගාවලියක් වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට එරෙහිව ලකුණු 21ක ජයක් ලබාගැනීමට සමත්විය. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක රැස්කළ අනගි ශතකය මීට ඉවහල්වූ අතර වර්ෂාව ඇදහැලීම නිසා තරගය විසඳුම් ලබාදුන්නේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුවය.

ජයග්‍රහණය සඳහා ලකුණු 297ක් ලබා ගැනීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවෝ අයහපත් කාලගුණය හේතුවෙන් තරගය අතරමඟ නතර කරන විට පන්දුවාර 44ක අවසාන වනවිට ලබාසිටියේ කඩුලු 5ක් දැවී ලකුණු 262ක් පමණි. නමුත් ඒ වන විට තරගය ජයගැනීමටනම් ශ්‍රී ලංකා පිල ලබාගත යුතුව තිබුණු ලකුණු සංඛ්‍යාව සැලකුණේ 241ක් ලෙසය.

සඳුන් වීරක්කොඩි සහ කමිඳු මෙන්ඩිස් ගේ කඩුලු දෙක මුලු ලකුණු සංඛ්‍යාව 4ක්ව තිබියදී බිඳවැටුණු මොහොතක තරගයේ ජයග්‍රහණය සඳහා මඟ විවර කළ පැතුම් නිස්සංක සහ නායක චරිත් අසලංක තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 145කින් ලකුණු 137ක් රැස්කළහ. පැතුම් නිස්සංක පන්දු 104කින් ලකුණු 104ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගිනි. නිස්සංකට අනගි සහායක් ලබා දුන් නායක අසලංක ලකුණු 91ක් රැස් කළේය. ඒ වෙනුවෙන් ඔහු පන්දු 94කට මුහුණ දුන්නේය. අසලංකගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ද අන්තර්ගත විණි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේදී ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළ අෂේන් බණ්ඩාර හතරේ පහර 4ක් සමගින් පන්දු 21කින් නොදැවී ලකුණු 26ක් රැස් කළේ ශ්‍රී ලංකාවේ ජය සහතික කරමිනි.

ලකුණු සාරාංශය

දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම (පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී) 296

(ජනීමන් මාලන් 60, මාකෝ ජැන්සන් නොදැවී 53, කයිල් සිමන්ඩ්ස් 35, සිබොනෙලෝ මැකාන්යා 35, චාමික කරුණාරත්න 3/50, අසිත ප්‍රනාන්දු 2/47)

ශ්‍රී ලංකා නැගී එන පිල (පන්දුවාර 44ක් අවසානයේදී කඩුලු 5ක් දැවී) 262

(පැතුම් නිස්සංක 104, චරිත් අසලංක 91, අෂේන් බණ්ඩාර නොදැවී 26 සම්මු අෂාන් 22, මාකෝ ජැන්සන් 2/35)

මාතෘකා