ආරම්භක පිතිකරුවන්ගේ ලෝක කුසලානය

 ඡායාරූපය:

ආරම්භක පිතිකරුවන්ගේ ලෝක කුසලානය

මේ වන විට දොළොස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ආරම්භවී් තිබෙන අතර ඉන් ජය ලන්නා කණ්ඩායම් දෙක 14 වැනිදා අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නියමිතය.

කුමන කණ්ඩායම් අවසන් පූර්ව වටයෙන් පරාජය වුවද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීම මෙවර තරගාවලියේ පහසු කටයුත්තක් නොවුණු බව තරගාවලිය දෙස නැවත හැරී බැලීමේදීද හොඳින් වටහා ගත හැකියි. තරගාවලිය ආරම්භයේදී මෙන් නොව අවසන් තරග කිහිපයේදී තරගාවලි ලකුණු සටහනේ සිදුවූ වෙනස්කම් අනුවද අපට එය වටහා ගත හැකිය.

අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ රටවල් වූයේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තයයි. මෙම කණ්ඩායම් හතර අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේදී එම එක් එක් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම විශේෂ දායකත්වයන් පැපයූහ. ඒ අතරිනුත් එම කණ්ඩායම් අවසන් පූර්ව වටය දක්වා ගෙන ඒමට සුවිශේෂ කාර්ය භාරයක් කළ ක්‍රීඩකයන්ගේ සංයෝගයන් කිහිපයක්ම හඳුනාගත හැකිය. එහිදී පොදුවේ කථා කළ හැකි පිතිකරු යුගලයන් කිහිපයක්ම සිටී.

ඒ අතරින් ඔස්ට්‍රේලියානු, එංගලන්ත සහ ඉන්දීය ආරම්භක පිතිකරු යුගලයන්ගේ සාර්ථකත්වය ඔවුන් අවසන් පූර්ව වටය දක්වා ගෙන ඒමට ප්‍රමුඛම කාර්යය භාර්යක් ඉටුකර ඇති බව හඳුනා ගත හැකිය.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාම තරගාවලියේ පළමු වටය අවසන් වන විට ලකුණු 500 සීමාව ඉක්මවා ගොස් සිටි අතර ඔවුන් දෙදෙනා ශතක 5ක් රැස්කර ගෙන තිබුණි. එසේම ශතක සබඳතා 3ක්ද ඔවුන් දෙදෙනා ගොඩ නැගීමට සමත් වූහ.

ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය ශතක 7ක් වාර්තාකර තිබූ අතර ඔවුන්ද ශතක සබඳතා 3කින් සිය දායකත්වය කණ්ඩායමට සපයා තිබුණි.

එංගලන්ත ආරම්භක පිතිකරු යුගලයේ ශතක සංඛ්‍යාව 3ක් වන අතර අනෙක් පිතිකරු යුගල දෙක මෙන්ම ශතක සබඳතා 3ක් ගොඩ නැගීමට ඔවුන්ටද හැකිවී ඇත.

ඒ අනුව මෙම පිතිකරු යුගලයන් ත්‍රිත්වය විසින් ශතක 15ක් වාර්තා කරමින් ශතක සබඳතා 9ක් ගොඩනැගීමට සමත්ව ඇත.

ශතක සබඳතා

ඇරොන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර්

ලකුණු 146 පාකිස්තානය සමග

ලකුණු 123 එංගලන්තය සමග

ලකුණු 121 බංග්ලාදේශය සමග

ලකුණු 96 ඇෆ්ගනිස්තානය සමග

රෝහිත් ෂර්මා සහ ලෝකේෂ් රාහුල්

ලකුණු 189 ශ්‍රී ලංකාව සමග

ලකුණු 180 බංග්ලාදේශය සමග

ලකුණු 136 පාකිස්තානය සමග

ජොනී බෙයාර්ස්ටොව් සහ ජේසන් රෝයි

ලකුණු 160 ඉන්දියාව සමග

ලකුණු 128 බංග්ලාදේශය සමග

ලකුණු 123 නවසීලන්තය සමග

ඔස්ට්‍රේලියාව

ඩේවිඩ් වෝනර් (ශතක 3)

ලකුණු 166 බංග්ලාදේශට එරෙහිව

ලකුණු 122 දකුණු අප්‍රිකාවට එරෙහිව

ලකුණු 107 පාකිස්තානයට එරෙහිව

නොදැවී ලකුණු 89 ඇෆ්ගනිස්තානයට එරෙහිව

ඇරොන් ෆින්ච් (ශතක 2)

ලකුණු 153 ශ්‍රීලංකාවට එරෙහිව

ලකුණු 100 එංගලන්තයට එරෙහිව

එංගලන්තය

ජොනී බෙයාර්ස්ටොව් (ශතක 2)

ලකුණු 111 ඉන්දියාවට ඉඑරෙහිව

ලකුණු 106 නවසීලන්තයට එරෙහිව

ලකුණු 90 ඇෆ්ගනිස්තානයට එරෙහිව

ජේසන් රෝයි (ශතක 1)

ලකුණු 153 එංගලන්තයට එරෙහිව

ඉන්දියාව

රෝහිත් ෂර්මා (ශතක 5)

ලකුණු 140 පාකිස්තානයට එරෙහිව

නොදැවී ලකුණු 122 දකුණු අප්‍රිකාවට එරෙහිව

ලකුණු 104 බංග්ලාදේශයට එරෙහිව

ලකුණු 103 ශ්‍රී ලංකාවට එරෙහිව

ලකුණු 102 එංගලන්තයට එරෙහිව

ලෝකේෂ් රාහුල් (ශතක 1)

ලකුණු 111 ශ්‍රී ලංකාවට එරෙහිව

ෂිකර් ධවාන් (ශතක 1)

ලකුණු 117 ඔස්ට්‍රේලියාවට එරෙහිව

මාතෘකා