නවසීලන්ත - ඉන්දීය එක්දින තරගාවලිය

 ඡායාරූපය:

නවසීලන්ත - ඉන්දීය එක්දින තරගාවලිය

මොහමඩ් ෂමී නැවතත් ඉන්දියාවට ජය ගෙනෙයි

මොහොමඩ් ෂමී ඇතුළු ඉන්දීය වේගපන්දු යවන්නන්ගේ විෂිශ්ට පන්දු යැවීම සහ මුල් පෙළ පිතිකරුවන්ගේ සුපිරි පිතිහරඹයත් නිසා තරග දෙකක් ඉතිරිව තිබියදීම නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ මවුන්ට් මවුන්ගනියු බේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයත් කඩුලු 7කින් ජය ගැනීමත් සමගය.

තරග පහකින් යුත් එක්දින තරගාවලියේ පැවැති තරග තුනම ජයගත් ඉන්දියානුවෝ මේ වන විට තරග 3-0ක් ලෙස තරගාවලිය ජය ගනිමින් පෙරමුණගෙන සිටීති.

මෙම එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් තරයේ වීරයා සම්මානය හිමකරගත් මොහොමඩ් ෂමී සහ බුවනේෂ්වර් කුමාර්ගේ දඩයමට ගොදුරුවූ නවසීලන්ත ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන කොලින් මොන්රෝ සහ මාටින් ගප්ටිල් ගේ සේවය අහිමිවීමත් සමගම නවසීලන්ත ඉනිම ලකුණු 243කට සීමා විය. කුඩා නවසීලන්ත ක්‍රීඩාංගණවලදී එම ලකුණු සංඛ්‍යාව ඉතා පහසු ඉලක්කයකි. ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 43කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ.

ලකුණු සාරාංශය

නවසීලන්තය (පන්දුවාර 49කදී සියලු දෙනා දැවී) 243

(රොස් ටේලර් 93, ටොම් ලේතම් 51, කෙන් විලියම්සන් 28, මොහොමඩ් ෂමී 3/41, හර්දික් පාණ්ඩ්‍ය 2/45, බුවනේෂ්වර් කුමාර් 2/46)

ඉන්දියාව (පන්දුවාර 45කදී කඩුලු 3ක් දැවී) 245

(රෝහිත් ෂර්මා 62, විරාට් කෝලි 60, අම්බති රයිදු නොදැවී 40, දිනේෂ් කාර්තික් නොදැවී 38, ට්‍රෙන්ට් බෝල්ට් 2/40)

මාතෘකා