සෙරීනාගේ උත්සාහය ව්‍යර්ථවේ

 ඡායාරූපය:

සෙරීනාගේ උත්සාහය ව්‍යර්ථවේ

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට අමෙරිකාවේ සුපිරි ටෙනිස් ශූරිය වන සෙරීනා විලියම්ස්ට සිදුව තිබේ. ඒ කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකින් චෙක් රාජ්‍යයේ කැරොලිනා ප්ලිස්කෝවා අතින් තරග වට 2-1ක් ලෙස අනපේක්ෂිත ලෙසින් පරාජය වෙමිනි. ලකුණු තත්ත්වය දැක්වුණේ 6-4, 4-6 සහ 7-5ත් වශයෙනි. ඔස්ටේලියානු විවෘත ශූරතාව හත් වතාවක් දිනා ගෙන ඇති 37 හැවිරිදි සෙරීනාව පරාජය කළ 26 හැවිරිදි කැරොලිනා ප්ලිස්කෝවා ජාත්‍යන්තර කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ හත්වැනි ස්ථානයේ පසුවන ක්‍රීඩිකාවයි.

මාතෘකා