මොහොමඩ් අමීර්  නැවත එක්දින පිලට

 ඡායාරූපය:

මොහොමඩ් අමීර්  නැවත එක්දින පිලට

පාකිස්තාන වමත් වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම්කර තිබේ.

දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරග දෙකේදී දැක්වූ දස්කම් හේතුවෙන් අමීර්ට මෙම කැඳවීම කර ඇත. එහිදී ඔහු කඩුලු 8ක් දවා ගත්තේ සාමාන්‍ය 23.87ක් ලෙස රඳවා ගනිමිනි.

26 හැවිරිදි අමීර් 2017 ජුනි මස පැවැති අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් පසු මෙතෙක් සහභාගී වී ඇත්තේ එක්දින තරග 10 කට පමණි. එහිදී ඔහුට කඩුලු 3ක් පමක් දවාගැනීමට හැකියාව ලැබී ඇත. මෙතෙක් එක්දින තරග 46කට සහභාගී වී ඇති මොහොමඩ් අමීර් කඩුලු 58ක් දවාගෙන ඇත.

තරග 5කින් යුත් එක්දින තරගාවලිය සඳහා කඩුලු රකින පිතිකරු මොහොමඩ් රිස්වාන්ද යළි කැඳවා ඇති අතර මෙතෙක් එක්දින වරම් හිමිකර ගෙන නොසිටි හුසේයින් තලාට් සහ ෂාන් මසූඩ්ද එම කණ්ඩායමට නම්කිරීමට පාකිස්තාන තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මාතෘකා