ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය

 ඡායාරූපය:

ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය

තුර්ක්මෙනිස්ථානයෙන් ජපානයට අභියෝගයක්

අබුඩාබිහි අල් නහ්යාන් ක්‍රීඩාංගණයේ පැවැති එෆ්. කාණ්ඩයේ තරගයකින් ජපානයට තියුණු අභියෝගයක් එල්ල කිරීමෙන් පසුව තුර්ක්මෙනිස්ථානය ගෝල 3-2ක පරාජයක් ලැබීය. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 127 වැනි ස්ථානයේ පසුවන තුර්ක්මෙනිස්ථානය 50 වැනි ස්ථානයේ සිටින ජපානයට හොඳ තරගයක් ලබා දීමට සමත් වීම මෙම තරගයේදී කැපී පෙණිනි.

තුර්ක්මෙනිස්ථානයේ ප්‍රහාරක මැදපෙළ ක්‍රීඩක අර්ස්ලන්මයාට් අමානොව් 26 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් ජපානයට තියුණු තරගයකට අභියෝග කරමින් තරගයේ ගෝල වාර්තා කිරීම ඇරඹීය. ඒ සමගම පළමු අර්ධය අවසන් වන විට ගෝල 1-0කින් ඉදිරියෙන් සිටියේද තුර්ක්මෙනිස්ථානයයි.

එහෙත් දෙවැනි අර්ධයේදී ජපානය ගෝල 3ක් වාර්තා කිරීමට සමත් වූ අතර තුර්ක්මෙනිස්ථානයට දෙවැනි අර්ධයේ ලබා ගැනීමට හැකි වූයේ එක් ගෝලයක් පමණි.

ජපානය වෙනුවෙන් යුයා ඔසාකෝ ගෝල දෙකක් වාර්ථා කිරීමට සමත් විය. ඒ සමගම එෆ්. කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමටද ජපානය සමත්ව සිටී.

මාතෘකා