අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය : වාර්තා අලුත් කරමින් සංතුෂ්ගෙන් ද්විත්ව ශතකයක්

 ඡායාරූපය:

අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය : වාර්තා අලුත් කරමින් සංතුෂ්ගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ සංතුෂ් ගුණතිලක කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 252ක් රැස්කරමින් තම විද්‍යාලයේ ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා අතරට එක්වීමට සමත්විය.

කොළඹ ආනන්ද විද්‍යාලය සමගින් පැවැති තරගයේදී පන්දු 244කදී හතරේ පහර 29ක් සහ හයේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 252ක් රැස් කරමින් සංතුෂ් ගුණතිලක ශාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් පිතිකරුවකු ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.

ඒ අනුව 2009 වසරේදී ඇන්ජෙලෝ පෙරේරා විසින් ලකුණු 236ක් රැස් කරමින් තබා තිබුණු වාර්තාව බිඳ හෙළීමට සංතුෂ් ගුණතිලක සමත්විය.

බම්බලපිටිය ශාන්ත පීතර - කොළඹ ආනන්ද

ආනන්ද පළමු ඉනිම 213

(කවිඳු ගිම්හාන 53, ජනිඳු ජයවර්ධන 48, කළණ විජේසිරි 33, දමින්ද රේෂාන් 27, රුවින් සෙනෙවිරත්න 4/48, සංතුෂ් ගුණතිලක 3/46)

ශාන්ත පීතර පළමු ඉනිම (කඩුලු 3ක් දැවී) 423

(සංතුෂ් ගුණතිලක නොදැවී 252, රන්මිත් ජයසේන 80, භානුක ද සිල්වා 63)

ආනන්ද දෙවැනි ඉනිම (කඩුලු 7ක් දැවී) 166

(කණිෂ්ක රන්තිලකගේ 90, කවිඳු ගිම්හාන 31, රන්මිත් ජයසේන 3/13, කණිෂ්ක මධුවන්ත 2/49, රුවින් සෙනෙවිරත්න 2/55

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

[ඉෂානි යද්දෙහි]

මාතෘකා