පාකිස්තාන දෘශ්‍යාබාධිත පිල ශ්‍රී ලංකාවේ සංචාරයක : පළමු එක්දින තරගය හෙට

 ඡායාරූපය:

පාකිස්තාන දෘශ්‍යාබාධිත පිල ශ්‍රී ලංකාවේ සංචාරයක : පළමු එක්දින තරගය හෙට

පාකිස්තාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩාම අතර එක්දින තරග තුනකින් සහ පන්දුවාර විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලිය හෙට ආරම්භ වෙයි. පන්දුවාර හතළිහකට සීමාවී ඇති එක්දින තරගාවලියේ පළමු තරගය හෙට පැවැත්වෙන්නේ කොළඹ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදීය. දෙවැනි තරගය බී.ආර්.සී. පිටියේ අනිද්දා (22) පැවැත්වෙන අතර තෙවැනි එක්දින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ 25 වැනිදාය.

දෙරට අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 27 වැනිදා ආරම්භ වන්නේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයත් සමඟිනි. දෙවැනි තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ 28 වැනිදාය. තෙවැනි සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය බී.ආර්.සී. පිටියේ පැවැත්වෙන අතර එය මාර්තු 01 වැනිදා පැවැත්වීමට නියමිතය.

මාතෘකා