වසරේ ශ්‍රී ලාංකිකයා සංගක්කාර

 ඡායාරූපය:

වසරේ ශ්‍රී ලාංකිකයා සංගක්කාර

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී සඟරාව විසින් වසරේ

ශ්‍රී ලාංකිකයා ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර නම්කර ඇත. ජාත්‍යන්තර තානාපතිවරයෙක් වශයෙන් සැලකීමේදී ඔහුගේ නම සෙසු ශ්‍රී ලාංකිකයන් අතර ඉදිරියෙන් තිබෙන හෙයින් මෙම තෝරාගැනීම සිදුකළ බව එම සඟරාව පවසයි. මෙම සම්මානයට දෙවරක් තෝරාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා සේ සැලකෙන්නේ කුමාර සංගක්කාරය. ඊට පෙර එය මෙරට සිටි කීර්තිමත් දේශපාලනඥයෙක් වූ දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතාට ප්‍රදානය කර තිබිණි.

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිත්වයෙන් පිදුම් ලැබීම හේතුවෙන් ඔහු මෙලෙස වසරේ

ශ්‍රී ලාංකිකයා සම්මානයට තෝරාගෙන ඇත.

News Order: 
4
මාතෘකා