වසරේ ක්‍රිකට් තරු ඇගයීම අද

 ඡායාරූපය:

වසරේ ක්‍රිකට් තරු ඇගයීම අද

ගෙවී ගිය වසරේ ජාත්‍යන්තර හා දේශීය ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා අගයමින් පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය අද (03) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන සම්මාන ප්‍රදානයේදී සම්මාන 45 ක් පිරිනැමේ. එහිදී ජාත්‍යන්තර සහ දේශීය තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33 දෙනෙකු සම්මාන ලබද්දී ජාත්‍යන්තර තරග අංශය යටතේ සම්මාන 17 ක් (පිරිමි/කාන්තා) පිරිනැමීමට නියමිතය. ඊට අමතරව විශේෂිත සම්මාන තුනක් ඇතුළුව කණ්ඩායම් සම්මාන 10 ක් ද පිරිනැමේ.

මෙම සම්මාන ප්‍රදානයේදීද පෙර වසරවල පරිදිම වසරේ දක්ෂතම ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවරයාට මෙන්ම වසරේ තරග තීරකවරයාට ද සම්මාන පිරිනැමීමට නියමිතය. මීට අමතරව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ඇගැයීම් සම්මාන ද්විත්වයක් ද පිරිනැමීමට මෙවර සම්මාන ප්‍රදානයේදී කටයුතු යොදා තිබේ.

[ශ්‍යාමලී නිශාන්ති]

News Order: 
6
මාතෘකා