පකිස්තානය ලියෝන් හමුවේ දණ ගසයි

 ඡායාරූපය:

පකිස්තානය ලියෝන් හමුවේ දණ ගසයි

දෙවැනි තරගයත් ඉනිමකින් පරදී

තරගයේ හා තරගාවලියේ වීරයා ඩේවිඩ් වෝනර්

සංචාරක පකිස්තාන කණ්ඩායම දෙවැනි වරටත් ඉනිමකින් පරාජය කරමින් ඇඩිලේඩ්හි පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය පහසුවෙන් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. තරගයේ ත්‍රිත්ව ශකතයක් රැස්කළ ඩේවිඩ් වෝනර් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ සත්කාරක කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු තුනක් දැවී ලකුණු 589ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටවූ අතර සංචාරක කණ්ඩායමට පන්දුවට පහරදීමේ අභියෝගය බාරදුන්නේය. එහිදී ඔවුන් ලකුණු 302කට සීමා වුණු අතර පිට පිට දෙවැනි වර පන්දුවට පහරදීමේ අවදානමටද හසුකරගැනීමට සත්කාරක පන්දුයවන්නෝ සමත් වූහ. ලකුණු 287ක් හඹා යමින් තරගය ඉනිමකින් පැරදීමේ අවදානම බාරගත් සංචාරකයන්ට පන්දුවාර 82ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 239ක් පමණි. නේදන් ලයන් කඩුලු දවාගැනීමේදී ඉදිරියට පැමිණි අතර ඔහමු කඩුලු පහක් දවාගත්තේ ඔස්ට්‍රේලියා ජයග්‍රහණය වඩාත් ඉක්මන් කරමිනි.

ලකුණු සාරාංශය

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම (කඩුලු 3ක් දැවී) 589

(ඩේවිඩ් වෝනර් (නොදැවී) 335, මානුස් ලබුස්චාන් 162, මැතිව් වේඩ් නොදැවී 38, ස්ටීව් සමිත් 36, ෂාහෙන් ෂා අෆ්රිඩ් 3/88)

පාකිස්තානය පළමු ඉනිම 302

(යසීර් ෂා 113, බාබර් අසාම් 97, මොහොමඩ් අබ්බාස් 29, මිචෙල් ස්ටාක් 6/66, පැට් කමින්ස් 3/83)

පාකිස්තානය දෙවැනි ඉනිම 239 (68, අසාඩ් සෆීක් 57, මොහොමඩ් රිස්වාන් 45, නේදන් ලයන් 5/69, ජොෂ් හේෂල්වුඩ් 3/63,මිචෙල් ස්ටාක් 1/47)

News Order: 
5
මාතෘකා