එංගලන්ත - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගය

 ඡායාරූපය:

එංගලන්ත - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගය

නවසීලන්ත නායකයා සටනට බසී

 

 

එංගලන්ත නායක ජෝ රූට් ගේ අනර්ග ද්විත්ව ශතකය සමගින් පළමු ඉනිමේ ලකුණු සියය ඉක්මවා ඉදිරියෙන් සිටීමට එංගලන්තයට හැකි වූ නිසා සත්කාරක නවසීලන්තය සමඟ පැවත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ඊයේ වනවිට ජය පරාජයකින් තොරව අවසන් කරගැනීමේ ලකුණු පහළව තිබිණි.

තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත පිල කඩුලු දෙකක් දැවී ලකුණු 96ක් ලබා සිටියේය. මේ වනවිට සත්කාරකයන් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් තවත් කඩුලු 8ක් අතැතිව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 5ක් පසු පසින් පසුවෙයි.

හැමිල්ටන් හි පැවැත්වෙන තරගයේ එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 226ක් රැස් කළ ජෝ රූට් 6 වැනි කඩුල්ල සඳහා ඔලි පොපේ සමගින් ලකුණු 193ක සබඳතාවයක් පවත්වමින් එංගලන්ත කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් විය. මිනිත්තු 636ක කාලයක් කඩුල්ලේ රැඳී සිටි රූට් පන්දු 441කට මුහුණ දුන් අතර හතරේ පහර 22ක් සහ එක් හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කළේය. මෙය රූට්ගේ තෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය වන අතර 17 වැනි ටෙස්ට් ශතකයයි. ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් ද එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ශතකයක් ලබා ගත් අතර නවසීලන්තය වෙනුවෙන් නිල් වැග්නර් ලකුණු 124කට කඩුලු 5ක් බිඳ දැමීය.

ලකුණු සාරාංශය

නවසීලන්තය පළමු ඉනිම 375

එංගලන්තය පළමු ඉනිම 476

(ජෝ රූට් 226, රෝරි බර්න්ස් 101, ඔලි පොපේ 75, නිල් වැග්නර් 5/124, ටිම් සවුති 2/90)

නවසීලන්තය දෙවැනි ඉනිම (කඩුලු 2ක් දැවී) 96

(කෙන් විලියම්සන් නොදැවී 37, රොස් ටේලර් නොදැවී 31, ක්‍රිස් වෝර්ක්ස් 1/8, සෑම් කරන් 1/26)

News Order: 
3
මාතෘකා

ජනප්‍රිය ලිපි