දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා තරග අද ඇරඹෙයි

 ඡායාරූපය:

දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා තරග අද ඇරඹෙයි

දහතුන් වැනි වරට නේපාලයේ කත්මණ්ඩු හා පොකාරා නරග කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා තරග අද (03) ආරම්භ වෙයි. ලබන හත්වැනිදා දක්වා එම තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ කත්මණ්ඩු නුවර දසරථ ක්‍රීඩාංගණයේදීය.

නෙපාලයේ පැවැත්වෙන සාග් මලල ක්‍රීඩා තරග වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 60කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතව තිබේ. පසුගියදා හදිසි අනතුරකට ලක්වූ හෙයින් ශ්‍රී ලංකාවේ මීටර් 800 ධාවිකාව වන නිමාලි ලියනාරච්චිගේ සේවය මෙවර කණ්ඩායමට අහිමිවුවද සෙසු ක්‍රීඩක, ක්‍රීඩිකාවන් මනා යෝග්‍යතාවයෙන් පසුවන බව නේපාල ආරංචි මාර්ග පැවසීය. එහෙත් එරට සංවිධායකයින් විසින් ක්‍රීඩකයන්ට ලබාදෙන නවාතැන් පහසුකම් ඇතුළු සෙසු පහසුකම් ප්‍රමාණවත් නොවන බවට එල්ලවන චෝදනා දැඩිමෙන් තිබේ.

මේ අතර අද ඇරඹෙන තරග ඉසව් රැසකින් තරගාවලිය සමන්විතය. ඒ අතර පිරිමි ක්‍රිකට් තරගාවලිය කත්මණ්ඩුහිදී ආරම්භ වන්නේ 10 වැනිදා දක්වාය. පාපැදි තරගද ගොකර්නාහිදී ආරම්භ වෙයි. එය අවසන් වීමට නියමිතව ඇතතේ ලබන නවවැනිදාය. ෆොකාරා ක්‍රීඩාංගණයේදී එලෙසින් පාපන්දු තරගද ආරම්භ කරන බව නේපාල තරග සංවිධායකයෝ පවසති. එම තරග 10 වැනිදා පැවැත්වෙන අවසන් තරගය තෙක් දින අටක් පුරා පැවැත්වීමට නියමිතය.

ඉලක්කයට වෙඩි තැබීමේ තරග ස්ටැඩොබාටෝ වෙඩි පිටියේදී ඇරඹේ. අද දිනය තුළ තරගාවලියේ වොලිබෝල් තරග අවසන් වීමට නියමිතය. මෙලෙස ආරම්භ වන මලල ක්‍රීඩා තරග වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි තරගකරුවන් වශයෙන් හිමාෂ ඒෂාන්, විනෝජ් සුරංජය ද සිල්වා, එ්.එස්.එම්. සෆාන්, අරුණ දර්ශන, ඒ.එම්.එල්.පී. ගුණරත්න, ඉඳුනිල් හේරත්, ජී.ආර්. චතුරංග, එම්.එම්.කේ. කුෂාන්ත, සජීව ලක්මාල්, ආර්.එම්.එස්. පුෂ්ප කුමාර, ඩබ්ලිව්. වී.එම්. යූ. කුමාර, කේ. ෂම්මුගේෂ්වරන්, ආර්. රොෂාන් ඩී. රණතුංග, කේ.පී.එච්. නිර්මාල්, ඒ. එල්. අසංක රත්නසේන, ඒ.එල්.ඒ. ටී. රත්නසේන, ඒ.එම්.වයි. අබේකෝන්, බී.ඩී.එෆ්.සී. එස්. ධර්මකීර්ති, වයි.එම්.සී. යෝධසිංහගේ, ආර්.එම්.ආර්. එන්. රාජකරුණා, දිලිප් රුවන්, වයි.එම්. එස්.ඒ. ගුණරත්න, උෂාන් තිවංග පෙරේරා, පී.එස්. තරුක, අමිල ජයසිරි, ජේ.එච්.ජී. සම්පත්, එම්.එන් සෆ්රීන් අහමඩ්, එල්.පී. එස්. ධනංජය, සමිත් ප්‍රනාන්දු, සමිත ජයවර්ධන, එස්.ජේ.පී. බන්දුල, ආර්.එම්.එස්. රණසිංහ, ආර්.පී. ඩබ්ලිව්. දයාරත්න, ඩබ්ලිව්.එම්. එස්. කුමාර, ධම්මික අනුරසිරි යන ක්‍රීඩකයින් තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

කාන්තා ක්‍රිඩිකාවන් වශයෙන් තරග බිමට පිවිසෙන්නේ ඩබ්ලිව්. වී.එල්. සුගන්ධි, අමාෂා ද සිල්වා, එන්. ෂර්මිලා, නදීෂා රාමනායක, ඊ.කේ. මධුෂානි, කේ.ජී. කුමාරසිංහ, ජී.ටී.ඒ. අබේරත්න, යූ.කේ.එන්. රත්නායක, එච්.එම්.එන්. රත්නායක, එච්.එම්. එන්. නන්දසේන, හිරුණි විජේරත්න, ඒ.එන්.එල්. ආරියදාස, ආර්.ඒ.අයි. එස් රාජසිංහ, එන්.ජී.ඩී.එන්. ලක්මාලි, ඩී.කේ. රණසිංහ, එස්.එම්. එම්. මධුෂානි, එච්.ඩී. විදූෂා ලක්ෂානි, අන්ජානි පුලවංශ, බී,එම්.පී.එච්. බාලසූරිය, ඩබ්ලිව්.ටී.කේ. ප්‍රනාන්දු, එන්.එම්.ඩී. මුතුනායක, ඒ.එච්. වී.වී. ලක්මාලි, ඒ.අයි.එම්.පී. පෙරේරා, බී. එල්. නදීකා ලක්මාලි, එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ, මදුමාලි පෙරේරා, එස්.එල්.සුරංගි සිල්වා, සදීපා හෙන්ඩර්සන්, එම්.ඕ. උදයංගනී යන ක්‍රීඩිකාවන්ය.

 

News Order: 
1
මාතෘකා

ජනප්‍රිය ලිපි