දකුණු ආසියානු අවුරුදු 15න් පහළ පාපන්දු තරගාවලිය අද ඇරඹේ

 ඡායාරූපය:

දකුණු ආසියානු අවුරුදු 15න් පහළ පාපන්දු තරගාවලිය අද ඇරඹේ

 

දකුණු ආසියානු අවුරුදු 15න් පහළ පාපන්දු තරගාවලියේ හයවැනි අදියර අද (21) ඉන්දියාවේදී ආරම්භ වෙයි. ඉන්දියාව සහ නේපාලය අතර කල්කටා නුවර කල්‍යානි ක්‍රීඩාංගණයේදී තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන අතර අද දිනයේම ශ්‍රී ලංකා කණ්ඩායමද භූතානය හා තරග බිමට පිවිසෙයි. මෙම තරගාවලියට ක්‍රීඩාකරන සෙසු රාජ්‍ය වන්නේ භූතානය, නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාවයි.

ශ්‍රී ලංකා අවුරුදු 15න් පහළ කණ්ඩායමේ නායකත්වය රිෂිකා යොහාන් සීමන්ට ලබාදී ඇති අතර උපනායකත්වය උසුලන්නේ ඩෙරික් නීල්ය. 2004 ජනවාරි 4 වැනිදා හෝ ඊට පසු උපත ලද ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් පාපන්දු කණ්ායම් සඳහා මෙම තරගාවලියට සහභාගිවීමට හැකියාව ලැබී තිබේ. පසුගියවර නේපාලයේ පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි නොවිණි. එවර ශූරයින් බවට පත්වූයේ බංග්ලාදේශයයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ කැපීපෙනෙන දක්ෂතා දැක්වීමට මෙතෙක් අසමත්වී ඇති හෙයින් මෙවර තරගාවලිය වැඩි දස්කම් දැක්වීමට අවස්ථාව උදාකරගනු ඇතැයි පාපන්දු විචාරකයන්ගේ අපේක්ෂාවවී ඇත.

තරග කාලසටහන මෙසේයි.

21 - නේපාලය සහ ඉන්දියාව

ශ්‍රී ලංකාව සහ භූතානය

23- භූතානය සහ බංග්ලාදේශය

නේපාලය සහ ශ්‍රී ලංකාව

25 - බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව

ඉන්දියාව සහ භූතානය

27 -ඉන්දියාව සහ ශ්‍රී ලංකාව

බංග්ලාදේශය සහ නේපාලය

29 -භූතානය සහ නේපාලය

බංග්ලාදේශය සහ ඉන්දියාව

අවසන් මහා තරගය 31 කාණ්ඩයේ ශූරයන් සහ අනුශූරයන් අතර

මාතෘකා