විලියම්සන් දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු හදිසියේ ගෙදර යයි

 ඡායාරූපය:

විලියම්සන් දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු හදිසියේ ගෙදර යයි

 

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහභාගිවන දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලියට නායකත්වය ලබා නොදී විවේක ගැනීමට කේන් විලියම්සන් තීරණය කර තිබේ. මේ අනුව සැප්තැම්බර් මස 1 වැනිදා ආරම්භවන දෙරට අතර පන්දුවාර විස්ස තරගාවලියේදී ඔහු වෙනුවට ටිම් සවුතිට නායකත්වය පවරා තිබේ.

මේ අතර ට්‍රෙන්ට් බෝල්ට්ද ටෙස්ට් තරගාවලියෙන් පසු විවේක ගැනීමට තීරණය කර ඇති හෙයින් පන්දුවාර විස්ස තරගාවලියට ඔහු ක්‍රීඩා නොකරනු ඇත. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් කැඳවා ඇති කණ්ඩායමට කඩුලු රකින ක්‍රීඩක ටිම් ෂෙයිෆර්ට් නම්කර ඇත. ඩග් බාර්ස්වෙල් කණ්ඩායමෙන් ඉවත්කර ඒ වෙනුවට සෙත් රෙන්ස් කණ්ඩායමට කැඳවීමට නවසීලන්ත තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ‘කේන් සහ ට්‍රෙන්ට් ලෝක කුසලාන තරගාවලියේදී ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඉතින් ඔවුන්ට විවේකයක් ලබාදිය යුතු නිසයි විස්සයි විස්ස තරගවලින් ඔවුන් ඉවත් කළේ’ යැයි තේරීම් කමිටුවේ සාමාජිකයකු වන ගැවින් ලාර්සන් පවසයි. ටොම් බෘෘස්ද පිතිකරුවකු වශයෙන් නවසීලන්ත සංචිතයට කැඳවුම් ලබාතිබීම විශේෂත්වයකි.

විස්සයි විස්ස තරගාවලියට නම්කරන ලද කණ්ඩායම මෙසේයි.

ටිම් සවුති (නායක), ටොඩ් ඇස්ට්ල්, ටොම් බෘෘස්, කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම්, ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, ස්කොට් කුගෙලිජන්, ඩැරිල් මිචෙල්, කොලින් මුන්රෝ, සෙත් රෙන්ස්, මිචෙල් සැන්ට්නර්, ටිම් ෂෙයිෆර්ට්, ඉෂ් සෝදි, රොස් ටේලර්

මාතෘකා