විස්සයි විස්ස ගැන අලුතින් සිතීම අවශ්‍යයි

විස්සයි විස්ස ගැන අලුතින් සිතීම අවශ්‍යයි

රවී ශාස්ත්‍රි

 

ටෙස්ට් සහ එක්දින තරගවලදී ඉදිරියෙන් සිටින ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස තරග රටාව සම්බන්ධයෙන් අලුත් මානයකින් සිතා බැලිය යුතු බව පුහුණුකාර ධුරයට යළි තෝරාගත් රවී ශාස්ත්‍රි පවසයි. 2020 සහ 2021 ලෝක ශූරතා තරගාවලි ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත බැවින් ඒ පිළිබඳ කඩිනමින් අවධානය යොමුකළ යුතුබව ඔහු පවසා සිටී.

ඉන්දියාව ලෝක ටෙස්ට් ශ්‍රේණි සටහනේ පළමුවැනි ස්ථානය දරණ අතර එක්දින සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත. අවසන් වරට ඔවුන් තරග වැදුණු ටෙස්ට් තරග 15න් 12ක් ජයගැනීමටද ඉන්දියාවට හැකියාව ලැබිණි.

‘අපි ටෙස්ට් සහ එක්දින තරගවලදී පිළිවෙලින් පළමු සහ දෙවැනි තැන් ගනිද්දී පන්දුවාර විස්සේ ඉන්නේ සිව්වැනි ස්ථානයෙයි. අපි මේ වර්ගයේ තරග අඩු ප්‍රමාණයකට තමයි ක්‍රීඩා කරලා තිබෙන්නේ. 2020 සහ 2021දි අපට අයි.සී.සී. පන්දුවාර විස්ස තරගාවලි දෙකකට ක්‍රීඩා කරන්න සිදුවෙනවා. ටෙස්ට් තරගවලදී අප ලබාගෙන තිබෙන ස්ථානය තවදුරටත් රැකගෙන පන්දුවාර විස්ස සම්බන්ධයෙන් කටයුතු කිරීමයි වැදගත් වන්නෙ ඒ නිසයි’ යැයි ඔහු සඳහන් කරන්නේය.

2020 වසරේ පන්දුවාර විස්ස ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අතර 2021 තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේදීය.

මාතෘකා