ලොව බරම ක්‍රිකට් ක්‍රීඩකයා කොදෙව් පිලෙන්

 ඡායාරූපය:

ලොව බරම ක්‍රිකට් ක්‍රීඩකයා කොදෙව් පිලෙන්

ලෝකයේ බරම ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් සැලකිය හැකි රකීම් කෝන්වෙල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නම්කිරීම සඳහා සැකසූ ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. ටෙස්ට් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය නුදුරේදී ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතය. විසිහය හැවිරිදි කෝන්වෙල් පළමු පෙළ තරග 55කදී කඩුලු 260ක් දවාගෙන ඇති අතර ඔහුගේ බර කිලෝ ග්‍රෑම් 140කි. පිතිකරුවකු වශයෙන් ඔහු ලකුණු 2224ක් රැස්කරගෙන තිබේ.

ඔහුගේ සේවය ටෙස්ට් තරගාවලියට ලබාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන කොදෙව් ක්‍රිකට් ආයතනයේ සභාපති රිකී ස්කෙරිට් පවසනුයේ යොවුන් ක්‍රීඩකයාට ටෙස්ට් වරම් හිමිවීමට නම් ඔහුගේ බර අඩුකරගත යුතු බවයි. ‘ඔහු කොදෙව් ක්‍රිකට් ආයතනය ලබාදුන් ශක්තිය පිළිබඳ අභ්‍යාසකයෙක්, ආහාර පිළිබඳ විශේෂඥයෙක් සහ පුහුණුකරුවෙකු යටතේ අධීක්ෂණයට ලක්වෙනවා. ඔහු ඒ අනුව වැඩකරලා තමන්ගේ යෝග්‍යතාව ඉහළ නංවා ගත යුතුයි.’ යැයි පවසයි.

කොන්වෙල් එරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව සතු සාර්ථකම දඟ පන්දු යවන්නා ලෙසින්ද සැලකෙන හෙයින් ඔහු සම්බන්ධයෙන් අපේක්ෂා තබා ගත හැකි බව ක්‍රිකට් විචාරකයන්ද පවසා ඇත.

මාතෘකා