එංගලන්ත තුන් කොන් එක්දින ශූරතාව ඉන්දීය යොවුන් පිලට

එංගලන්ත තුන් කොන් එක්දින ශූරතාව ඉන්දීය යොවුන් පිලට

අවසන් මහා තරගයේ ඉන්දීය යොවුන් ඉනිම සිය නායකයා ඇතුලු පිතිකරුවන් සිව් දෙනෙකුගේ අර්ධ ශතකවලින් සවිමත් වූ හෙයින් එංගලන්තයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට ඉන්දීය යෞවනයෝ සමත්වූහ. අවසන් තරගය බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වුණු අතර ඉන් කඩුලු හයක ජයක් හිමිකරගැනීමට ඉන්දීය යෞවනයෝ සමත්වූහ.

කාසියේ වාසිය ලබා බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර මහුමුදුල් හසන් ජෝයි පන්දු 134කට මුහුණ දෙමින් අගනා ශතකයක් ලබා ගත්තේ බංග්ලාදේශ ඉනිමේ එකම ශක්තිමත් පිතිකරුවා බවට පත් වෙමිනි. එංගලන්තයේ හෝව්හි මෙම තරගය පැවැත්විණි.

ලකුණු සාරාංශය

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම (පන්දුවාර 50දී, සියලු දෙනා දැවී) 261

(මහමුදුල් හසන් ජෝයි 109, පර්වීස් හොසේන් 60, ෂමීම් හොසේන් 32, ෂ්‍රශාන්ත් මිෂ්රා 2/33, කාර්තික් ත්‍යාගි 2/49)

ඉන්දීය 19න් පහළ කණ්ඩායම (පන්දුවාර 48.4කදී, කඩුලු 4ක් දැවී) 264

(ප්‍රියම් ගාර්ග් 73, දෘ ජුරෙල් නොදැවී 59, දිව්‍යාන්ශ් සක්සේනා 55, යෂාශ්වි ජයිස්වාල් 50, රකිබුල් හසන් 2/55)

මාතෘකා