විදුනෙත් සහ සහන් ශතක රැස් කරති

 ඡායාරූපය:

විදුනෙත් සහ සහන් ශතක රැස් කරති

 

“සිංගර් කුසලාන” වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය

 

 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගවලදී ශතක රැස් කිරීමට කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ විදුනෙත් විල්සන් සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ සහන් දාබරේ සමත් වූහ.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දකුණත් ආරම්භක පිතිකරු විදුනෙත් විල්සන් පන්දු 211කදී හතරේ පහර 25ක් සමගින් ලකුණු 132ක් රැස් කළ අතර, කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයේ දකුණත් ආරම්භක පිතිකරු සහන් දාබරේ පන්දු 119කදී නොදැවී ලකුණු 107ක් රැස් කළේ හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟිනි.

පසුගිය සති අන්තයේ පැවැති තරග සියල්ලම ජය පැරදුමෙන් තොරව අවසන් වීම සුවිශේෂ සිදුවීමකි.

කොළඹ ශාන්ත ජෝශප් - මීගමුව මාරිස්ටෙලා මාරිස්ටෙලා: පළමු ඉනිම - 270/5 (පන්දුවාර 59.5) ෂෙහාන් ආදිත්යශ 86, මිහිල් කවීන් 56, චමත් ගෝමස් 44, නවිඳු විජේසූරිය 42, රයන් පුංචිහේවා නොදැවී 27, සචින්ත හේවගේ 3/50, ෂෙනුක් සේරසිංහ 2/74 ශාන්ත ජෝශප්: පළමු ඉනිම - 175/3 (පන්දුවාර 38) සහන් දාබරේ නොදැවී 107, අවින්ත ඩි අල්විස් නොදැවී 35, අකලංක ප්‍රනාන්දු 2/30 තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කොටහේන ශාන්ත බෙනඩික්ට් - කොළඹ මහානාම ශාන්ත බෙනඩික්ට්: පළමු ඉනිම - 264/9 (පන්දුවාර 90.3) විදුනෙත් විල්සන් 132, චමත් චාතුර්ය 29, නවිරු ආදිත්යප 27, විනුක කරන්නාගොඩ 3/56, සඳිනු කන්දගේ 2/32, මිගාර රණසිංහ 2/32 මහානාම: පළමු ඉනිම - 109/1 (පන්දුවාර 23) කවිඳු අමාමෙත් නොදැවී 57, කූජන පෙරේරා 29, භානුල අල්ගෙවත්ත නොදැවී 20තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කොළඹ රාජකීය - කොළඹ ඩී.එස්. සේනානායක ඩී.එස්. සේනානායක: පළමු ඉනිම - 216 (පන්දුවාර 58.1) කෝෂිත භාග්යඹ 52, මාධව චතුරංග 49, ඉමාල් විශ්මින් 30, නෙත්වින් ධර්මරත්න 4/45, අභිෂේක් ඉද්දවෙල 3/43, දුලාන් වීරතුංග 2/53 රාජකීය: පළමු ඉනිම - 207/6 (පන්දුවාර 43) සවිඳු සෙනරත්ආරච්චි 68, අනුක් සුරවීර 32, සිනෙත් ජයවර්ධන 29, දේශාන් හෙට්ටිගේ 2/38, කෝෂිත භාග්‍ය 2/42 තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

[ඉෂානි යද්දෙහි]

මාතෘකා