හංගේරියානු ෆෝමියුලා වන් ශූරයා

 ඡායාරූපය:

හංගේරියානු ෆෝමියුලා වන් ශූරයා

ලුවිස් හැමිල්ටන්

පසුගියදා අවසන් වූ හන්ගේරියානු මෝටර් GP ෆෝමියා වන් තරගාවලියේ ජය හත්වැනි වතාවටත් වාර්තා කිරීමට මහා බ්‍රිතාන්‍ය යේ ලුවිස් හැමිල්ටන් සමත් විය. ඒ ලොව එවැනි දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමිනි. ඔහු මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට තරග වැදුණේය.

34 වැනි වියේ පසුවන හැමිල්ටන්ට තරගය අවසන් කිරීම සඳහා වැයවූ කාලය පැ. 1 මි. 35 ත. 03.796කි. දෙවැනි ස්ථානය දිනූ බෙල්ජියමේ මැක්ස් වේස්ටෙපන් තත්පර 17.796ක් හැමිල්ටන්ට වඩා පසු පසින් තරගය අවසන් කළ අතර තෙවැන්නා වූයේ ජර්මනියේ සෙබස්තියන් විටාල්ය. විටාල් තරගය අවසන් කළේ හැමිල්ටන්ට වඩා තත්පර 61.433ක් පසු පසින් සිටිමිනි.

මෙම තරගයේදී දෙවැනි ස්ථානය දිනූ 21 හැවිරිදි මැක්ස් වේස්ටෙපන් විසින් හැමිල්ටන් හට තියුණු තරගයක් ලබා දීමට සමත් විය. ඒ අනුව මෙවර හංගේරියානු ෆෝමියුලා වන් තරගාවලිය ජය ගැනීමත් සමගම 2019 ෆෝමියුලා වන් ලෝක ශූරතා වර්ගීකරණයේ පළමු ස්ථානය තවදුටත් තහවුරු කරගැනීමට ලුවිස් හැමිල්ටන්ට හැකිවිණි. ඒ තරග 8ක් ජය ගෙන ලකුණු 250ක් ලබා ගනිමිනි.

මාතෘකා