ස්මිත් සහ වෝනර් ලෝක කුසලාන සංචිතයට

 ඡායාරූපය:

ස්මිත් සහ වෝනර් ලෝක කුසලාන සංචිතයට

ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට නම්කර තිබේ. විසිනව හැවිරිදි හිටපු ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ තිස් දෙහැවිරිදි හිටපු උපනායක ඩේවිඩ් වෝනර් මේ දිනවල සිය ජාත්‍යන්තර පිටියට පැමිණීම සනිටුහන් කරමින් අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරයි. පන්දුව පළුදු කිරීමේ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනාට වසරක තරග තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීහු කටයුතු කළහ.

ඔස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට නම්කර ඇති සංචිතයට දඟ පන්දුයවන්නන් දෙදෙනකු එක්කර ඇති අතර වේග පන්දුයවන්නන් පස්දෙනෙකුගේ සේවය ලබාගැනීමට සැලසුම්කර ඇත. දඟ පන්දුයවන්නන් වශයෙන් සංචිතයට එක්ව ඇත්තේ ඇඩම් සම්පා සහ නේදන් ලයන්ය. වේග පන්දුයවන්නන් ලෙස සංචිතයට කැඳවා ඇත්තේ මිචෙල් ස්ටාර්ක්, පැට් කමින්ස්, ජේසන් බ්‍රෙන්ඩ්‍රොප්, ජායි රිචර්ඩ්සන් සහ නේදන් කෝල්ටර්නීල්ය.

නම්කර ඇති ලෝක කුසලාන සංචිතය මෙසේයි.

ඒරන් පින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, උස්මාන් කව්ජා, ස්ටීවන් ස්මිත්, ෂෝන් මාර්ෂ්, ඇලෙක්ස් කේරි, මාර්කස් ස්ටොයිනිස්, ග්ලේන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්, ජායි රිචර්ඩ්සන්, පැට් කමින්ස්, ජේසන් බ්‍රෙන්ඩ්‍රොප්, නේදන් කෝල්ටර් නීල්, ඇඩම් සම්පා, නේදන් ලයන්.

මාතෘකා