පොලාර්ඩ්ගේ හයේ පහර 10න් මුම්බායිට ජය

 ඡායාරූපය:

පොලාර්ඩ්ගේ හයේ පහර 10න් මුම්බායිට ජය

වන්කඩේ ක්‍රීඩාංගණය සිසාරා එල්ල කළ හයේ පහර 10ක් සමගින් පන්දු 31කින් ලකුණු 83ක් රැස් කළ කිරාන් පොලාර්ඩ්ගේ අනර්ග ඉනිම හේතුවෙන් ජන්ජාබ් කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවේදී කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

බදාදා (10) මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ලකුණු 198ක ඉලක්කය හඹා ගිය මුම්බායි කණ්ඩායමේ ලකුණු 25 සීමාව පසු කළ එකම පිතිකරුවා වූයේ පොලාර්ඩ් පමණි. සිව්වෙනි කඩුල්ල වෙනුවෙන් පොලාර්ඩ් පිටියට පැමිණෙන විට පන්දු 67කින් ලකුණු 136ක් මුම්බායි කණ්ඩායම ලබාගත යුතු විය. හයේ පහර 10ට අමතරව හතරේ පහර 3ක්ද එල්ල කළ පොලාර්ඩ් දැවී යන විට මුම්බායි පිලේ ඉලක්කය වූයේ පන්දු 4කින් ලකුණු 4කි. කිංග්ස් ඉලවන් ජන්ජාබ් කණ්ඩාමේ ආරම්භක පන්දු යවන්නා වූ මොහොමඩ් ෂමී පන්දු වාර 4දී ලකුණු 21ක් පමණක් ලබාදී කඩුලු 3ක් දවා ගත්තද මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය වලක්වාලීමට එය ප්‍රමාණවත් නොවීය.

පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් කණ්ඩායමේ කේ.එල්. රාහුල් පන්දු 64කින් නොදැවී ශතකයක් රැස් කළේ හයේ පහර සහ හතරේ පහර 6 බැගින් එල්ල කරමිණි. රාහුල් සහ පන්දු 36කින් ලකුණු 63ක් රැස් කළ ක්‍රිස් ගේල් පන්දු 77කින් පළමු කඩුල්ලට ලකුණු 116ක් එක් කිරීමට සමත් විය.

ලකුණු සාරාංශය

කිංග්ස් ඉලවන් පන්ජාබ් (පන්දුවාර 20දි කඩුලු 4ක් දැවී) 197 (කේ.එල්. රාහුල් නොදැවී 100, ක්‍රිස් ගේල් 67, හර්දික් පාණ්ඩ්‍යා 2/57)

මුම්බායි ඉන්දියන්ස් (පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී)198 (කිරන් පොලාර්ඩ් 83, ක්වින්ටන් ඩි කොක් 24, සූර්යකුමාර් යාදව් 21, මොහොමඩ් ෂමී 3/21)

මාතෘකා