චෙන්නායි පිලට කඩුලු හතක ජයක්

 ඡායාරූපය:

චෙන්නායි පිලට කඩුලු හතක ජයක්

අයි.පී.එල්. 2019 තරගාවලියේ 23 වැනි තරගය සඳහා ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කරමින් කඩුලු හතක පහසු ජයක් වාර්තා කළේය. කල්කටා පිල ලකුණු 108කට සීමා වූ අතර ඇන්ඩෘ රසල් නොදැවී ලකුණු 50ක් රැස් කළේය. චෙන්නායි සුපර් කිංග්ස් පිල පන්දුවාර 17.2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කළේය. ලකුණු සාරාංශය - කල්කටා නයිට් රයිඩර්ස් 108/9 ( ඇන්ඩෘ රසල් (නොදැවී) 50, දීපාක් චාහර් 3/20, හර්බජන් සිං 2/15,ඉම්රාන් තහීර් 2/21, රවීන්ද්‍ර ජඩේජා 1/17) චෙන්නායි සුප්කිංග්ස් 111/3 (ෆැෆ් ඩු ප්ලෙසිස් (නොදැවී) 43, සුනිල් නරේන් 2/24, පියුස් චව්ලා 1/28)

චෙන්නායි යළි පෙරමුණට

අයි.පී.එල්. තරගාවලියේ පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වීම හේතුවෙන් පසුගිය තරගයට පෙර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දෙවැනි තැනට පත්ව තිබේ. තමන් සහභාගිවූ තරග හයෙන් පහක් ජයගත් චෙන්නායි සුපර් කිංග්ස් පිල පළමු තැනට පත්ව ඇත. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එහි පස්වැනි ස්ථානය දක්වා පහළ බැස ඇත්තේ තරග තුනක් පමණක් ජයලබමිනි.

 

මාතෘකා