ඇල්පිටිය ආනන්ද - බෙන්තොට ගාමිණී හරිත නීල සටන හෙට සිට

 ඡායාරූපය:

ඇල්පිටිය ආනන්ද - බෙන්තොට ගාමිණී හරිත නීල සටන හෙට සිට

ගයන්ත කරුණාතිලක අභියෝගතා ශූරතාව වෙනුවෙන් ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය හා බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය අතර තුන් වන වරටත් පැවැත්වෙන “හරිත නීල” මහා ක්‍රිකට් සංග්‍රාමය හෙට (05) හා අනිද්දා (06) බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

2017 හා 2018 වසර වල එක් දින තරගයක් ලෙස පැවති තරග දෙකේම ජයග්‍රහණය බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයට හිමිවිය.

මෙවර මෙම තරගය දෙදින තරගයක් ලෙස පැවැත්වීමට විදුහල් දෙකම එකඟතාවය ප්‍රකාශකර ඇත. මෙවර ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම නිලංග හසිංහල විසින්ද බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම හෂාන් චානුක විසින්ද මෙහෙයවනු ලබයි.

බෙන්තොට ගාමිණී කණ්ඩායම (ඉදිරි පෙළ වමේ සිට) චමිල සිත්මල් වික්‍රමරත්න (උප නායක), ක්‍රිෂාන් වික්‍රමාරච්චි (සහාය පුහුණුකරු), නිසංසලා සෙව්වන්දි (ආචාර්ය), නිලූක වීරසිංහ ( විදුහල්පති), විචිත්‍ර සම්පත් නයිදුවාවඩු ( ක්‍රීඩා බාර ආචාර්ය), මංගල වික්‍රමාරච්චි (ප්‍රධාන පුහුණුකරු) හා හෂාන් චානුක ද සිල්වා (නායක), පසු පෙළ (වමේ සිට) චලක සමාධි, දෙනෙත් දිල්ෂාන් කුමාර, කවිෂ්ක භවන්ත, ආකාෂ් ලෝචන, චමිල නිලුපුල්, දෙනෙත් වික්‍රමාරච්චි, උෂ්මික සිල්වා, ජනිදු චින්තක, උස්මික දිනුජය, ලාවන්‍ය යසස්, පසිඳු නිරෝෂන්, පසිඳු කන්නන්ගර, අමන්ත සන්තුෂ්, ප්‍රවීශ සන්තුෂ් හා සහන් රන්සිළු.

ඇල්පිටිය ආනන්ද කණ්ඩායම (ඉදිරි පෙළ වමේ සිට) නිලංග හසිංගල (නායක), සමන්ත ප්‍රසාද් ගුරුසිංහ (ක්‍රීඩා බාර ආචාර්ය), ජී.ඩබ්ලිව්. චතුරිකා දිල්හානි (විදුහල්පති), සුනිල් හතුරුසිංහ (පුහුණුකරු), කවිඳු අයේෂාන් (උප නායක), පසු පෙළ පසිඳු සඳරුවන්, රවිඳු රසාංජන, ගිහාන් සමීර, රන්දීප් පවන්, මොවිඳු විනෝද්, සඳරු ළහිරු, නිලපුල් හරින්ද, හෂාන් මධුමාල්, හිතේෂ් හිරුෂ, ආකාෂ් නිලුපුල්, හරින්ද තේජිත, හංසමාල ද සිල්වා හා බිනර හිරුදික

ඇල්පිටිය විශේෂ [ඩී ජේ විජේසිංහ]

----------------

ජාතික එල්ලේ තරගාවලිය

ජය ශ්‍රී සහ නැගෙනතරු 16 වටයට

ජාතික එල්ලේ තරගාවලියේ පසුගිය සතියේ පැවැති කණ්ඩායම් 32 වටයේ තරග දෙකකින් ජය ගැනීමට කටියල ජයශ්‍රී සහ කොටුවිල නැගෙනතරු කණ්ඩායම් සමත් වූහ. ඒ පිළිවෙලින් කටුනේරිය සිංහ පැටව් සහ ජයගම විශ්ව කණ්ඩායම් පරාජය කරමිනි. ඒ අනුව ඔවුන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා