මුෂ්ෆිකර් රහීම්ගෙන් නව ලෝක වාර්තාවක්

 ඡායාරූපය:

මුෂ්ෆිකර් රහීම්ගෙන් නව ලෝක වාර්තාවක්

ලෝකයේ වැඩිම වරක් ටෙස්ට් ද්විත්ව ශතක රැස්කළ කඩුලු රකින්නා වශයෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් ඊයේ සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඩකා නුවර බංගබංදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 219 ක් ලබාගනිමින් මෙම වාර්තාව පිහිටුවනු ලැබීය. එය ඔහුගේ දෙවැනි ද්විත්ව ශතකය ලෙස සැලකෙයි.

ද්විත්ව ශතක වැඩි සංඛ්‍යාවක් රැස්කර ඇති කුමාර සංගක්කාර පවා කඩුලු රකින්නකු වශයෙන් රැස්කර ඇත්තේ එක් ද්විත්ව ශතකයක් පමණි. ලෝකයේ වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ප්‍රමාණයක් සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් වාර්තා කර ඇති අතර දෙවැනියට වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක් රැස්කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කුමාර සංගක්කාර විසිනි.

මෙම වාර්තාවට අමතරව බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කළ හා ටෙස්ට් ඉනිමක වැඩිම පන්දු ප්‍රමාණයකට මුහුණදුන් පිතිකරුවා වශයෙන්ද මුෂ්ෆිකර් වාර්තා තමන් සතු කරගත්තේය.

මාතෘකා