පළමු පෙළ ලීග් රග්බි තරගාවලිය අද ඇරඹෙයි

 ඡායාරූපය:

පළමු පෙළ ලීග් රග්බි තරගාවලිය අද ඇරඹෙයි

නාවික හමුදා සහ පොලිස් කණ්ඩායම් අද සවස 4.00ට කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී උරෙනුර ගැටීමෙන් මෙවර 2018 – 2019 ඩයලොග් රග්බි තරගාවලියේ පළමු වටය ඇරඹේ.

ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් මෙහෙයවනු ලබන මෙවර ලිග් තරගාවලියේ දෙවැනි තරගයට මුහුණ දෙන්නේ හැව්ලොක් සහ යුද හමුදා කණ්ඩායම්ය. එම තරගය හැව්ලොක් ක්‍රීඩාංගණයේදී අද සවස 6.30ට ආරම්භවේ.

අද ඇරඹෙන ලීග් තරගාවලියේ පළමු වටය දෙසැම්බර් 23 වැනිදා දක්වා සති අන්ත හතක් පුරා පැවැත්වීමට නියමිතය. සෑම සති අන්තයකම තරග 4 බැගින් පැවැත්වෙන අතර තරගාවලියට එක්වන කණ්ඩායම් අටටම සෑම සති අන්තයකම එක් තරගයකට මුහුණ දීමට අවස්ථාව හිමිවේ.

තරගාවලියේ දෙවැනි වටයේ තරග 2019 ජනවාර් 4 වැනිදා ආරම්භ වන අතර එම වටයේ තරග අවසන් වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 17 වැනිදාය.

ලීග් තරගාවලිය සදහා පළමු වරට හඳුන්වාදීමට නියමිත සුපිරි වටයේ පිලිමළුන් පිටුදැකීමේ වටය පෙබරවාරි 22 වැනිදා සිට මාර්තු 3 වැනිදා දක්වා පැවැත් වීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

හෙට සෙනසුරාදා (10)ද තරග දෙකක් පැවැත්වීමට නියමිතය.

සවස 4.00ට සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සහ සී. එච්. ඇන්ඩ්එෆ්. සී ලොන්ඩන් පෙදෙසේදී

සවස 4.00ට ගුවන් හමුදා සහ මහනුවර රත්මලානේදී

[ඩබ්ලිව්. ආර්. කුමාර)]

මාතෘකා