නවසීලන්තයේ තෙවැනි කඩුලු ත්‍රිත්වය ට්‍රෙන්ට් බෝල්ට්ට

 ඡායාරූපය:

නවසීලන්තයේ තෙවැනි කඩුලු ත්‍රිත්වය ට්‍රෙන්ට් බෝල්ට්ට

නවසීලන්ත පන්දු යවන්නකු විසින් එක්දින තරගයක කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ තෙවැනි අවස්ථාව සනිටුහන් කිරීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් විය. පාකිස්තානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේදී බොල්ට් විසින් ෆකාර් ෂමාන්, බාබර් අෂාම් සහ මොහොමඩ් හෆීස් යන ක්‍රීඩකයන් පිට පිට පන්දු තුනකදී දවාගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 267 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු ඉනිම ලකුණු 219කට සීමා කිරීමට නවසීලන්ත පන්දුයවන්නන් සමත් වූ අතර ඒ අනුව දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 47ක ජයක් ලැබීමට නවසීලන්තයට හැකියාව උදාවිණි. දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර ටෙස්ට් තරගාවලිය සඳහා තරග ත්‍රිත්වයක් පැවැත්වීමට නියමිතය. පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම මීට පෙර සමත්විණි.

මාතෘකා