ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරගාවලිය 2018

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරගාවලිය 2018

අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය දින භාගයකට සීමා වෙයි

නව නායකයා අභියෝගය සාර්ථකව බාර ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර බාබෙඩෝස්හි කෙන්සිග්ටන් ක්‍රීඩාංගණයේ ආරම්භවූ තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනයේ හරි අඩකට ආසන්න කාලයක් වර්ෂාව හේතුවෙන් අතහැර දමද්දී කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙන කොදෙව් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 132ක් ලබා සිටියේය.

නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට අයි.සී.සී. තරග තහනමක් පැනවී ඇති හෙයින් හා නායකත්වය දැරීම සඳහා කණ්ඩායම සතු ඊළඟ තුරුම්පුව ආබාධයකට ලක්වීමත් හේතුවෙන් ශ්‍රී ලංකාව බිහිකළ 16 වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා වශයෙන් සුරංග ලක්මාල්ට නායකත්වයේ වගකීම පිරිනැමිණි.

තමන්ට ලබාදුන් බාරදූර කටයුත්ත වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටුකරමි යැයි පිටියට පිවිසි ලක්මාල් තමන් යැවූ පළමු පන්දු වාරයේදීම සාර්ථකත්වය උකහා ගනිමින් ඩෙවොන් ස්මිත් ක්‍රීඩාගාරයට හරවා යැවූවේය. ක්‍රෙග් බ්‍රාත්වේට්ටත් තම සහායකයාගේ තනි නොතනියට ක්‍රීඩාගාරයට ගොස් පාළු කපන ලෙස දැනුම් දෙමින් සුරංග ලක්මාල් යළි ක්‍රියාත්මක වද්දී පස්වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුව ඔහු යවා තිබුණු බව ලකුණු පුවරු ක්‍රියාකරු පුවරුවේ සංඥා කළේය. ලකුණු පුවරුවේ ක්‍රියාකරුට තවත් ලකුණු සටහන වෙනස් කිරීමට අවස්ථාවක් ලබානොදීම කිරන් පවෙල්ද ක්‍රීඩාගාරයට යැවුවේ අනෙක් අන්තයෙන් පන්දුයැවූ ළහිරු කුමාරය. එය සය වැනි පන්දුවාරයේදී සිදුකළේය.

කසුන් රාජිත සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් තරගයේ 14 වැනි පන්දුවාරයේදී රොස්ටන් චේස්ගේ කඩුල්ල ඉලක්ක කරගත්තේ ශ්‍රී ලංකා කඳවුර අමන්දානන්දයට පත්කරමිනි. කෙසේ හෝ ජයග්‍රහණයක් සොයාගැනීමේ අරමුණින් තරග වදිමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගවත් ඉදිරි ගමනට අගුළු දමනු ලැබුවේ කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොව්රිච් හා නායක ජේසන් හෝල්ඩර්ය. ඒ අනුව බිඳ වැටෙමින් තිබූ කඩුලු ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට ලබානොදෙමින් පළමු දිනයේ තරගය අතහැර දමනවිට ඔවුන් දෙදෙනා පිළිවෙලින් නොදැවී ලකුණු 60ක් හා 33ක් රැස්කර සිටියහ.

ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

ක්‍රෙග් ‍බ්‍රේත්වේට් ඇ. ගුණතිලක ප. ලක්මාල් 02

ඩෙවොන් ස්මිත් ඇ. ධනංජය ප. ලක්මාල් 02

කිරන් පවෙල් ඇ. මෙන්ඩිස් ප. ළහිරු 04

ෂායි හෝප් ඇ මෙන්ඩිස් ප. රාජිත 11

රොස්ටන් චේස් ප.රාජිත 14

ෂේන් ඩොව්රිච් නොදැවී 60

ජේසන් හෝල්ඩර් නොදැවී 33

අතිරේක 06

මුළු ලකුණු (පන්දුවාර 46.3ක් අවසානයේ කඩුලු පහක් දැවී) 132

පන්දුයැවීම

සුරංග ලක්මාල් 15-4-42-2 ළහිරු කුමාර 16-5-40-1

කසුන් රාජිත 10.3-1-36-2 දිල්රුවන් පෙරේරා 5-1-8-0

මාතෘකා